nsb

Nov 27, 2016

නිලධාරී නොසැලැකිල්ලෙන් මුහුදට දියවෙන වයඹ දූපත් Featured

මුහුදු ඛාදනයට නිසි පිළියම් නොයෙදීම හේතුවෙන් වයඹ මුහුදු තීරයට මායිම ඇති දූපත් කිහිපයක් තවත් ටික කලකින් සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ අනුව මාරවිල සිට කල්පිටිය දක්වා මුහුදු තීරය ඛාදනයට ලත්ව ඇතැයි පැවසේ.

වෙන්නප්පුව, මාරවිල වෙරළ තීරයට පසුගිය රජයමගින් වැලි පොම්පකර මුහුදට දියවෙලාගිය ප්‍රදේශය ගොඩබිමක් බවට පත්කිරීමට කටයුතු කර ඇති බවත් මේ අතර වාර්තා වේ.

ඒත්, ඉන්පසුව ඒ සඳහා නිසි ආකාරයේ ගල්වැටියක් නොයෙදීම නිසා යළිත් එම ප්‍රදේශය මුහුදට ඛාදනය වී ඇති බව පැවසේ.

පවුල් තුන්දහසක් පමණ ජීවත් වූ පල්ලියවත්ත දූපතේ මේවන විට සිටින්නේ පවුල් 50ක් පමණ බවද පැවසේ.

වසර 2015 අගෝස්තු මාසයේදී පල්ලියවත්ත ප්‍රදේශයේ නිවාස 20ක් පමණ මුහුදට බිලිවූ බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top