Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 24, 2017

''රාජපක්ෂලා මොන හොරුද ? දැන් අපි නියම හොරු එක්ක'' - ඇමති නිමල්

''අයියෝ රාජපක්ෂලා මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ’ යයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කර තිබේ.

ඒ, පෙරේදා (22) රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පක්ෂයේ අනුශාෂිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඒකාබද්ධය සමග එකතුවිය යුතු යැයි එහි සිටි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු පවසද්දී, ‘ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද’ යයි බණ්ඩාරනායක මහත්මිය සභාවෙන් විමසා තිබිණ.

එම අවස්ථාවේදී නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන් බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රකාශය දැඩිව විවේචනය කර ඇත.

දි.මු. කට අරී !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පැවති එම රැස්වීමේදී, හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරමින් ශ්‍රීලනිපය සමගි කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත.

‘අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඕනෑ. නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා’ යයි ඔහු එහිදී අවධාරණය කර තිබේ.

එම මතය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා මහතා කියා ඇත්තේ, තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම අදහස්වලට සහමුලින්ම විරෝධී මතයක් දරමින් අදහස් පළකර ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top