nsb

Nov 27, 2016

අගමැති, කස්ත්‍රෝ සහ ජේ ආර් ගේ සබඳතා සිහිපත් කරයි (ඡායාරූප)

හිටපු කියුබා නායක ෆිදෙල් කස්ත්‍රෝ සහ හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ජේ ආර් ජයවර්ධන අතර මාස්පතා සුරුට්ටු සහ තේකොළ හුවමාරුවක් සිදුවූ බව අගමැතිවරයා පවසයි.

කියුබා වාසීන් දින නවයක ශෝක කාලයක් පවත්වන අතරේ කස්ත්‍රෝ මියයාම වෙනුවෙන් නිකුත් කරන පණිවුඩයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කර දෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා කියුබානු කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කළේ ‘වෙනස් ප්‍රතිපත්ති’ වුවත්, දෙපක්ෂයේ නායකයන් අතර සමීප සබඳතාවක් පැවති බවයි.

“ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා සහ කැස්ත්‍රෝ තුමන් අතර පැවතියේ ඉතා සමීප පෞද්ගලික මිත්‍රත්වයකි. සෑම මාසයකම ඉස්තරම්ම ලංකා තේ එකතුවක් ජයවර්ධන මැතිතුමා විසින් කැස්ත්‍රෝ තුමන් වෙත යැවුණු අතර, අගනා හවානා සුරුට්ටු පෙට්ටියක් එතුමා වෙතින් ජයවර්ධන මැතිතුමා වෙත මාසිකව පිරිනැමිණි,” යි අගමැති ශෝක පණිවිඩයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ කැරළි:

මහජන විප්ලවයකින් ධනපති පාලනයක් පෙරලා කියුබා නායකයා බලය ලබාගත් 1959 වසරේ සිට ශ්‍රී ලංකාව සමග තානාපති සබඳතා පවත්වමින්, ජාත්‍යන්තර තලයේ ලබා දුන් සහයෝගය ද අගමැතිවරයාගේ අගය කිරීමට ලක්වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ දෙවතාවකත්, විමුක්ති කොටි සංවිධානය වසර ගණනක් තිස්සේත් කැරලි ගැසූ විටදී ශ්‍රී ලංකා රජයට අනුග්‍රහ දක්වන පිළිවෙතක් අනුගමනය කළ කස්ත්‍රෝගේ කියුබා ආණ්ඩුව යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගෙනා යෝජනාවලට විරුද්ධව දිගටම ඡන්දය පාවිච්චි කළ රාජ්‍යයකි.

jr

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top