Nov 28, 2016

'අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව’- විජේදාස

රාජපක්‍ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් නැති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

අදටද ඔවුන් සමග ගමේකම මිත්‍රකම ඇති බවද ඇමතිවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහනට එක්වෙමිනි.

ඇමති සරත් ෆොන්සේකා ගැන කතා කිරීම පවා අප්‍රසන්න යයි කී  ඇමතිවරයා,  ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කල ප්‍රකාශයක් ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ‘පක්‍ෂවලින් එහාට පැනල මෙහාට පැනල හැම ආණ්ඩුවලම හිටපු අය ඉන්නව. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව’ යනුවෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top