Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 30, 2017

වසර 27 කට පසුව වඩමොලේ පාසල් භූමිය සිසු අයිතියට (ඡායාරූප)

වසර 27 ක් යාපනය ආරක්ෂක සේනා, අධි ආරක්ෂිත කලාපයේ පිහිටා තිබූ යාපනය, ඔට්ටාපුලම් වඩමොලේ රෝමානු කතෝලික විද්‍යාලය සහ ඔට්ටාපුලම් ශාන්ත මරියා දේවස්ථානය පැවති ඉඩම නැවත ජනතාව වෙත පැවරීම අද (30) සිදුකෙරිණ.

එම ඉඩම් අක්කර 29ක භූමි ප්‍රදේශය, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් වෙත මෙලෙස පවරාදෙනු ලැබිය.


පසුගිය සමයේ පැවති ආරක්ෂක තත්වයන් මත මෙම ඉඩම්, යාපනය අධි ආරක්ෂිත කලාපය වෙත පවරාගෙන තිබිණ.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශයක මේ වනවිට නැවත පදිංචි කිරීම් සිදුකර ඇති අතර, එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔට්ටාපුලම් වඩමොලේ රෝමානු කතෝලික විද්‍යාලය නැවත ආරම්භ කෙරෙනු ඇත.

නිදහස් කළ ඉඩම් වල පවුල් 17 ක් නැවත පදිංචි කිරීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසිය.

(හිරු නිව්ස්)

177308 1177308 2177308 3177308 4177308 5177308 6177308 7177308 8177308 10

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top