15976 BM WEB BANNER 01
Dec 02, 2017

ඒකාබද්ධයේ ඩීල්කාරයෝ සාකච්ඡා 'කෑවා' - මහින්ද

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ "ඩීල්" දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

එම පිරිසට උවමනාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයට ලබාදීමට බවද ඇමැතිවරයා කීවේය.

සාකච්ඡාවලදී මස්‌ රාත්තලම ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලුවේ ඒ නිසා බවද ඩීල් දමන පිරිසගේ උවමනාවට ඒකාබද්ධ විපක්‌ෂයේ වැඩි පිරිසක්‌ අවනත වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හා ඒකාබද්ධ විපක්‌ෂයට එකට මැතිවරණයට තරග කිරීමට තිබූ අවස්‌ථාව මඟහැරුණේ යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුවේ මැති ඇමැතිකම් ගන්න එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සාකච්ඡා කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැන් මුළු රටම දන්නා බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(දිවයින)

සබැඳි පුවත් :

ඒකාබද්ධයේ 05ක් මෛත්‍රීට : 2018 මහින්දගේ ගමනක අවසානය !

ශ්‍රීලනිපය අත ලකුණින් ! - 'නාම යෝජනා සකසා අවසන්' - දුමින්ද

සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපය තනිවම තරඟ බිමේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top