Nov 28, 2016

මාධ්‍යවේදීන්ට අවම වැටුපක්

මාධ්‍යවේදීන් සඳහා අවම වැටුපක් ස්ථාපිත කිරීමට අදාළව අනපනත් සම්මත කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අද (28දා) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම පනත් ගෙන ඒමේදී ඉන්දියාවේ උදාහරණ පිළිබඳව අවධානය යොමු කරන බවත් ඔහු පැවැසීය.

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවැසීය.

සමාජ මාධ්‍ය නියාමනය කිරීමට බැහැ

රාජ්‍යයක නීති පද්ධතිය මගින් සමාජ මාධ්‍ය නියාමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.

 සමාජ මාධ්‍ය හා ජන මාධ්‍ය යනු ක්ෂේත්‍ර දෙකක් බවද ඔහු පැවැසීය.

සමාජ මාධ්‍ය භාවිත කිරීමට තරම් සමාජය පරිණත වී ඇත්දැයි නැවත වරක් සිතා බැලිය යුතු බවත් ඔහු පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top