Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 04, 2017

හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් භාරයට

එළඹෙන 8 වැනි දින හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට දිගුකාලීනව බදු පදනම යටතේ භාරදෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බදු මුදලේ පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබෙනු ඇති බවද පැවසේ.

හම්බන්තොට වරාය දිගු කාලීනව බදු පදනම යටතේ චයිනා මර්චන්ට් සමාගමට බදු දීමේ ගිවිසුම මේ වසරේ මුලදී අත්සන් කරනු ලැබීය. ඒ අනුව වරායේ කොටස් වලින් 70% ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරියටද පැවරීමට තීරණය විය.

වරාය බදු දීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1200 ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය ලබා ගැනීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top