Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 04, 2017

ජීවිත හා නිදහස ගැන මාධ්‍යවේදීන්ට වගක් නැහැ - අගමැති (ඡායා)

මාධ්‍යවේදීන්ගේ ජිවිත අහිමිවීම සහ නිදහස අහිමිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එතරම් සැලකිල්ලක් නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාධ්‍ය  ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සඳහා සහය නොදැක්වීමෙන් ඒ පිළිබඳ පෙනී යන බවයි.

කොළඹදී ආරම්භ වූ ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රාමාත්‍යමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාධ්‍ය නිදහස භාවිත කරමින් ආණ්ඩුව විවේචනය කිරිමට මාධ්‍ය ආයතන කටයුතු කරන බවයි.

යුනෙස්කෝ සංවිධානය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම සමුළුව සඳහා අන්තර් ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු කලාපීය පාර්ශවකරුවන්  මෙන්ම දෙස් විදෙස් මාධ්‍යවේදින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් 200 දෙනෙකු පමණ සහභාගී වී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 

Ranil journalists 900px 17 12 04

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top