Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 04, 2017

අයවැයෙන් මත්පැන්වලට සහන දීම සුදුසු නැහැ - ජනපති

අයවැය යෝජනා මගින් මත්පැන්වලට සහන ලබාදීම සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සහ නිවාස හා ඉදිකිරිම් යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.

''පුළුල් ලෙස මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. දුම්බීම විශාල ලෙස අවම කරන්නට හැකිවුණා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර් වේවා අරක්කු වේවා භාවිතය සඳහා සහන දීම සුදුසු වන්නේ නෑ. සිගරට් අරක්කු වලින් ආදයම වර්ධනය කිරීම සුදුසු වන්නේ නෑ, '' යැයි ද ජනාධිපතිවරයා පැවසිය. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top