Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 06, 2017

ජීවන බර සැහැල්ලුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල තීරණය කරයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කෙරනු ඇත.

එහිදී පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් කර ඇත්තේ රුපියල් 76ක් ලෙසය.

මෙම ආහාර ද්‍රව්‍ය වල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද (06 දා)නිකුත් කරන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

ජීවන වියදම් කමිටුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම මිල තීරණය කිරීම් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඊයේ (05 දා) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top