15976 BM WEB BANNER 01
Dec 06, 2017

CIFL මුදල් බලපත්‍රය අහෝසි කරයි !

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සඳහා මුදල් ව්‍යාපාර කිරීමට ලබා දී ඇති බලපත්‍රය අහෝසි කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, ආයතනයේ දුර්වල කළමනාකරණය සහ අක්‍රමවත් ගනුදෙනු නිසා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2013 වසරේ සිට බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටින බවයි.

ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ව්‍යාපාරයේ වත්කම්වල වටිනාකම වංචනිකව වැඩි අගයකින් පෙන්වා ඇති බව ද මහ බැංකුව සඳහන් කළේ ය.

එම වත්කම් ව්‍යාජ හෝ වෙනත් බැඳීම්වලට යටත් බව ඒ හා සම්බන්ධ ලේඛන පරික්ෂා කිරීමේදී ආනාවරණය වී තිබේ.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2014 වසරේ සිට ව්‍යාපාර කටයුතුවල යෙදී නොමැත.

මෙම ආයතනයේ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 3.5 ක් පමණ වන අතර මුළු තැන්පත්කරුවන්ගේ ප්‍රමාණය 4092කි.

මහ බැංකුව පවසන්නේ, මෙම ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ ඕනෑම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 03ක පමණ ආයෝජනයන් අවශ්‍ය බවයි.

මේ අතර ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනය සම්බන්ධව නිරාකරණය විය යුතු නෛතික ගැටලු පවතින බැවින් මුදල් මණ්ඩලය එම ආයතන වෙත බලපත්‍ර අවලංගු කිරීමේ නිවේදන නිකුත් කර නොමැත.

මෙම ආයතනවල සිදුව ඇති අක්‍රමිකතාවලට සහ තැන්පත්කරුවන්ගේ මුදල් අවභාවිතයට වගකිව යුතු සියලු පාර්ශවවලට එරෙහිව ගත හැකි සියලු ම නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ද මහ බැංකුව කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top