15976 BM WEB BANNER 01
Dec 07, 2017

පෞද්ගලික අංශයට අරමුදල් සැපයීමට නව බැංකුවක් Featured

පෞද්ගලික අංශය සඳහා සංවර්ධන අරමුදල් සැපයීමට නව බැංකුවක් ලබන වසරේදි ස්ථාපිත කිරීමට සූදානම් බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අගමැතිවරයා එබව සඳහන් කලේ, වරලත් ගණකාධිකාරී ආයතනය මඟින් 53 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

මෙම නව බැංකුව භාණ්ඩාගාරයකින් සමන්විත වන බවත් එය රාජ්‍ය බැංකු තුනක් හා ප්‍රධාන වාණිජ්‍ය බැංකුවේ පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන බවත් අගමැතිවරයා එහිදී පැවැසුවේය.

මහ බැංකු අධිපති හා භාණ්ඩාගාරය ද, ආසියානු සංවර්ධන බැංකුව සමඟ සම්බන්ධව පාර්ශ්වකරුවකු ලෙස සාකච්ඡා කිරීමට නියමිත යැයි ද අගමැතිවරයා කීය.

රුපියල් බිලියන 30 ත් 35 ත් අතර ආයෝජනයකින් මේ බැංකුව ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ව්‍යාපාර සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයට මුදල් සැපයීමේ ක්‍රියාවලිය සරල කිරීම හා ණය සැපයීම සඳහා වෙනම කාර්යාල පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඉවත් කිරීම මෙමඟින් සිදු කරන බවත් අගමැතිවරයා පැවැසුවේය.

ආයෝජනයට සුදුසු වාතාවරණයක්:

ආයෝජනයන් සිදු කිරීම සඳහා රට තුළ සුදුසු වාතාවරණයක් සකස් කිරීම රජයේ වගකීම යැයි ද නව දේශීය ආදායම් බදු පනත මඟින් සපයන බදු දිරිගැන්වීම ඔස්සේ රට ණය නැති රටක් බවට පත් කර ගත හැකි යැයි ද අගමැතිවරයා පැවැසීය.

පසුගිය රජය මඟින් වූ ණය ගෙවීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් රුපියල් ට්‍රිලියන 7 ක ජාතික ණයක් පවතින බවත් අගමැතිවරයා කීය.

මෙරට මූල්‍ය පාලනය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ක්‍රියාවට නැංවීම සඳහා වරලත් ගණකාධිකාරි සංගමය දායකත්වය දක්වන බවත් මෙරට සියලුම මූල්‍ය ආයතන හා සමාගම් ජාත්‍යන්තර ප්‍රමිතියට පවත්වාගෙන යාමටත්, ඒ සඳහා වන මූල්‍ය ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තලයේ පිළිගැනීමට ලක් කිරීමටත් වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය දක්වන දායකත්වය අගය කරන බවත් අගමැතිවරයා පැවැසුවේය.

කිසිවෙකුටත් ණය නොවී ජීවත් වන ලෙසට තම දෙමාපියන් උගන්වා තිබුණ ද, රටේ අගමැතිවරයා ලෙස අද තමාට සිදුව තිබෙන්නේ පසුගිය ආණ්ඩුව රුපියල් ට්‍රිලියන ගණනින් ගෙන තිබෙන ණය ගෙවන්නේ කෙසේද කියා දවස පුරා සිතීමට යැයි ද අගමැතිවරයා පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top