15976 BM WEB BANNER 01
Dec 07, 2017

හොර SLS සමඟ ග්ලූකෝස් වෙළෙඳපොළට

නීතිවිරෝධී ලෙස SLS තත්ත්ව සහතිකය භාවිතා කරමින් ග්ලුකෝස්‌ ඇසුරුම් කිරීමේ ස්‌ථානයක්‌ වැටලීමට පාරිභෝගික අධිකාරිය පෙරේදා (05 වැනිදා) සමත් වී ඇත.

කොළඹ 12 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවක මෙසේ මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඉතාලියේ නිෂ්පාදිත ග්ලූකෝස්‌ නැවත අසුරා ව්‍යාජ ලෙස SLS ප්‍රමිති සහතිකය යොදාගෙන වෙළෙඳ පොළට නිකුත් කරන බව ද මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාව නොමඟ යවමින් භාණ්‌ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්‌ත්‍රික්‌ වැටලීම් ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකළහ.

ලසිත දුමින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top