15976 BM WEB BANNER 01
Dec 07, 2017

හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල්වලට

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු අවසන් වනතුරු හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් වලදී සිදුකර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ශල්‍යාගාරවල අලූත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නොකෙරෙන අතර එහි හදවත් සැත්කම් කළ යුතු රෝගීන් ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවූවත් එය ප‍්‍රමාණවත් නොවන නිසා මෙම පියවර ගත් බව සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරවල අලුත්වැඩියා කඩිනමින් අවසන් කිරීමටත්, එතෙක් හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමු කිරීමටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය ලැබිණි.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සබැඳි පුවත්
බයිපාස් සැත්කමේ අඳුරු හෙළිදරව්ව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top