15976 BM WEB BANNER 01
Dec 07, 2017

පාම් ඔයිල් බදු සංශෝධනයට බාල්දියක් ! Featured

වසර 2018 සදහා වු අයවැය යෝජනාව මගීන් පාම් ඔයිල් සඳහා අයකරනු ලැබු රේගු බද්ද නැවත සංශෝධනය නොකරන මෙන් ශුද්ධ කළ පාම් ඔයිල් අනායනයකරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය එම ඉල්ලීම කර තිබේ.

පාම් ඔයිල් සඳහා මේ වන විට යෝජනා වී ඇති රේගු බද්ද සම්බන්ධයෙන් සතුටු වන බව පවසන එම සංගමය, මේ වන විට මුදල් අමාත්‍යවරයාගේ තීරණය වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව කියා සිටියි.

ඇමතිගේ තීරණය අවුල් කරන සැලැස්මක් !

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේදී විශේෂ සහන ලබා ගත් පාම් ඔයිල් ආනයනය සමාගම් දෙකක්, මුදල් අමාත්‍යවරයාගේ මෙම නිවැරදි ක්‍රියාවලිය නැවත අවුල් කරනු ඇති බවට එම සංගමය සැක පළ කරයි.

2015 වසරේ යහපාලන ආණ්ඩුව බලය පැමිණි පසු එවකට සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පාම් ඔයිල් ආනයනය සම්බන්ධයෙන් පනවනු ලැබු රේගු බද්ද එක සතියක් ඇතුළත දී වෙනස් කිරීමට මෙම අදිසි බලවේග කටයුතු කර ඇති බව ඔවුන් පවසයි.

එම බලවේග මෙවර ද මංගල සමරවීර අමාත්‍යවරයාගේ ද අයවැයට බලපෑම් ඇති කරන බවත් අමාත්‍යවරයා ගෙන ඇති නිවැරදි තීන්දු තීරණ වෙනස් කිරීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වනු ඇති බව ද පාම් ඔයිල් අනයනයකරුවන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියි.

පාම් ඔයිල් වලට බදු ගැසූ හැටි මෙන්න :

2016 අයවැය යෝජනාවට අනුව සුද්ධ කළ පාම් ඔයිල් කිලෝ එකකට රුපියල් 135 ක් ද, සුද්ධ නොකළ පාම් ඔයිල් කිලෝ එකකට රුපියල් 115 ක් ද ක්‍රියාත්මක වී තිබේ.

2018 වර්ෂය සඳහා වු අයවැය යෝජනාවට අනුව සුද්ධ කළ පාම් ඔයිල් කිලෝ එකකට රුපියල් 110 ක් ද, සුද්ධ නොකළ පාම් ඔයිල් කිලෝ එකකට රුපියල් 105 ක් ද යෝජනා වී තිබේ.

මෙම යෝජනාව නැවත පෙර තිබු එනම් 2016 ක්‍රියාත්මක වු බද්දට අය කිරීමට සැලසුම් කර තිබෙන බව පාම් ඔයිල් අනායනයකරුවන්ගේ සංගමය පවසයි.

රටට අහිමිවන ආදායම ?

සුද්ධ කළ පාම් ඔයිල් අනයනයකරුවන්ගේ සංගමය පවසන්නේ යෝජනා වි ඇති බද්ද නැවත පෙර බද්දට දක්වා අඩු කළහොත් තම ව්‍යාපාරයට වඩා රටට අහිමිවන ආදායම ඉතා ඉහල බවයි.

සුද්ධ කළ පාම් ඔයිල් අනයනයකරුවන්ගේ සංගමය විසින් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වෙත යොමු කළ ලිපිය පහත පරිදි වේ.

PalmOile Letter

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top