nsb

Nov 29, 2016

'පුවත්පත් මණ්ඩලය ස්වාධීන කරන්න' -ඩලස්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ස්වාධීන මණ්ඩලයක් බවට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය.

දැනට යෝජනා කර ඇති ස්වාධීන මණ්ඩලයක් පිහිටුවීමට වඩා පවතින පුවත්පත් මණ්ඩලය ස්වාධීන කිරීම කාලෝචිත බව පැවසූ මන්ත්‍රීවරයා ඊට හොඳම ක්‍රියාදා‍මය ලෙස ඉන්දියාවේ පුවත්පත් මණ්ඩලය ආදර්ශයට ගත හැකි බව පෙන්වා දුන්නේය.

මෙරට පවතින පුවත්පත් මණ්ඩල සාමාජිකයන් හයදෙනෙකුම පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් එය වෙනස් කර ස්වාධින මණ්ඩලයක් මඟින් නිලධාරින් පත් කිරීම සුදුසු බවද සඳහන් කළේය.

ඉන්දියාවේ පුවත්පත් මණ්ඩල සාමාජිකයින් 27 දෙනාගෙන් 13ක් වෘත්තීය මාධ්‍යවේදින් බවත් එම 13 දෙනා තෝරාගනු ලබන්නේ අගවිනිසුරු, කතානායක හා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ කණ්ඩායමක් විසින් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ අනුව වඩාත් සුදුසු වන්නේ පවතින පුවත්පත් මණ්ඩලය වඩාත් ස්වාධින කිරීම බවත් හෙතෙම පැවසීය.

මුද්‍රිත මාධ්‍ය, විද්යුත් මාධ්‍ය සහ මෙරට ලියාපදිංචි වෙබ් අඩවිවල ප්‍රවෘත්ති අන්තර්ගතය අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති හා ක්‍රමවේද අනුව නියාමනය කිරීම සඳහා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කරන බවට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා 23දා කල ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එසේ පැවසිය.

සබැඳි පුවත් :

රජය මාධ්‍ය නියාමනයට සැරසේ !

සමාජ ජාලා පාලනයට අලුතින් පණතක් ! 

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් - PWJA

comment (1)

  • සදුනි

    ඔබතුමාටත් බලයේ ඉන්දි ඕවා මතක් වෙන්නෙ නැහැ දැන් තමයි මතක් වෙන්නෙ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top