Nov 29, 2016

වාහන ලියාපදිංචියට දහස්‌ ගණනක්‌ පෝලිමේ

රජය ලබාදී ඇති සහන කාලය තුළ රථ වාහනවල අයිතිය තම නමට හරවා ගැනීම සඳහා මේ දිනවල විශාල පිරිසක්‌ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට පැමිණෙමින් සිටිති.

දඩ මුදලකින් තොරව අදාළ ලිපි ගොනු සම්පූර්ණ කිරීම සඳහා ලබාදී ඇති මාස 03 ක කාලය මේ මස 31 වන දිනෙන් අවසන් වේ.

මේ නිසා දඩයකින් තොරව වාහන තම නමට ලියාපදිංචි කර ගැනීම සදහා මේ පිරිස්‌ පැමිණෙති.

මෙසේ විශාල පිරිසක්‌ ඒ සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් සේවා සැපයීමේ තදබදයක්‌ ද මතුව ඇත.

මෝටර් රථ වාහන ආඥා පනතට අනුව මෝටර් රථයක්‌ මිලදී ගැනීමේදී දින 14 ක්‌ තුළ එම අයිතිය පවරා නොගෙන විවෘතව තබා ගැනීම නීති විරෝධී වෙයි.

(දිවයින)

comment (1)

  • සදුන්

    31 වෙනිදා ඉස්සර වෙලා මේ ඔක්කොම ලියාපදිංච් කරන්න පුළුන්වෙයිද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top