nsb

Nov 29, 2016

JF ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් රේල්ලුවට මූල්‍ය වංචාවක් කරලා Featured

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා සීමාසහිත ජේ.එෆ්. ටුවර්ස් ඇන්ඞ් ට්‍රැවල්ස් ලංකා සමාගම වෛස්රෝයි විශේෂ දුම්රිය ධාවනයට අදාලව අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙතෙක් ගෙවීම්කර නැතැයි දුම්රිය වෘත්තීය සමිති සංධානය කියයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති පාඩුව මිලියන ගණනක් බවයි.

එසේම එම මුදල් අයකර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් කටයුතු කර නැති බවත් පැවසේ.

ජේ.එෆ්. ටුවර්ස් ඇන්ඞ් ට්‍රැවල්ස් එසේ මුදල් ගෙවීමට තිබියදී 2016 මාර්තු මාසයේ සිට එම ගිවිසුම අළුත්කර පවත්වාගෙන යාමට හා එපරිද්දෙන්ම මෙම විශේෂ දුම්රිය ධාවනය කරවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවටද එම සංගමය චෝදනා කර සිටී.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට කවර ආකාරයකින් හෝ මූල්‍යමය වංචාවක් සිදුවන කවර කරුණක් ගැන වුවද විමසා බැලීමට ඇති වෘත්තීය සමිති අයිතිවාසිකම් යටතේ හා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතෙන් සැලසී ඇති විධිවිධාන ප්‍රකාරව අදාල ගිවිසුම සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු ඉල්ලා එම සංධානය ඉල්ලා සිටී.

01. 2012 වර්ෂයේ අත්සන් කරන ලද වෛස්රෝයි විශේෂ දුම්රිය ධාවනය කරවීම සඳහා න්‍ත්‍ ටුවර්ස් ඇන්ඞ් ට්‍රැවල්ස් සමාගම සමඟ අත්සන් කර ඇති ගිවිසුමේ පිටපතක්.

02. මෙම විශේෂ දුම්රිය ධාවනය කරවීම වෙනුවෙන් න්‍ත්‍ ටුවර්ස් ඇන්ඞ් ට්‍රැවල්ස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට කොපමණ මුදලක් ගෙවිය යුතුව තිබේද?

03. ගිවිසුමට අදාලව උක්ත සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කර ඇත්ද?

04. රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු අංශය මඟින් වෛස්රෝයි විශේෂ දුම්රිය හා එන්ජිම අළුත්වැඩියා කිරීම වෙනුවෙන් අදාල සමාගම ගෙවිය යුතු මුදල කොපමණද?

JF ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් කවුද ?

ජේ.එෆ්. ටුවර්ස් ඇන්ඞ් ට්‍රැවල්ස් ලංකා සමාගම 1978 සිට ලියාපදිංචි සංචාර සංවිධානය කිරීමේ සමාගමක් වේ.

JFTours1 600px 16 11 29

සම්පූර්ණ නිවේදනය.

JFTours2 600px 16 11 29

JFTours3 600px 16 11 29

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top