Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 29, 2016

ආදරවන්තයින් වෙනුවෙන් Love Taxi එයි !

ආදරය සුන්දර වූවාට ආදරය කරන්නට ඇති ස්ථාන ඉතා අල්ප වීම නිසාම ආදරය විදින්නට ඇති ඉඩකඩ ද සීමාවූ වටපිටාවක් අපේ රට තුළ දක්නට ලැබේ.මේ නිසාම වැරදි ස්ථාන සොයා යන්නට ද පෙම්වතුන් පෙළබෙන ආකාරය ඕනෑ තරම් දක්නට ලැබේ.

පොදු උයනක දෑත් අල්වාගෙන බංකුවක් මත ඉඳගෙන සිටින පෙම්වතුන් යුවළක් දෙස වුව බොහෝ වැඩිහිටියන් බලන්නේ වපරැසින් වන අතර පොලිස් නිලධාරීන් හෝ පෞද්ගලික ආරක්ෂක අංශයේ සාමාජිකයින්ගෙන්ද ඔවුනට සිදුවන්නේ ගැහැටය.

මුහුදු වෙරළකට ගියද එහි වෙනසක් නැත. එක්කෝ චණ්ඩිය. නැත්නම් ටිකට්පොත් කාරයෝය. නැත්නම් හොරෙන් එබිකම් කරන්නෝය.

ඊට විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ ටැක්සි සේවාවක් සපයන සමාගමක Facebook පිටුව අපූරු යෝජනාවක් පලකර ඇත.

එහි සඳහන් වන්නේ කුඩ යට සිටීමට අවශ්‍ය නැති බවය.

කිලෝ මීටරයකට රුපියල් 50ක් බැගින් ගෙවා තම ආයතනයෙන් කුලී රථයක් ලබා ගන්නා ලෙස පවසන්නේ, තම රියැදුරන් ඉතාමත් මන්දගාමීව රිය පදවන්නට සූදානම් බව පවසමිනි.

සාමාන්‍යයෙන් මීටර් සවි කරන ලද ත්‍රිරෝද රථයක් කිලෝ මීටරයකට අයකරනු ලබන්නේ රු 40ට නොවැඩි මුදලකි.

02 20

comments (3)

  • හඳයා

    අද නම් හොදම news එක මේක තමයි තැන්කියු news එක දැම්මට

  • හංසි

    කමක් නැහැ අඩුම ගානේ මහ පාරේ ඇක්සිඩන්ට් ට්ක හරි අඩු වෙයි

  • nimali

    කපල් එකක් පිට්ස්සෙ ඉදන් LOVe කරන කොට ඩ්‍රයිව වාහනේ ගෙනියන්නෙ හිමින් තමයි
    ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි .

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top