Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 29, 2016

‘දැවෙන විහඟුන්’ ජගත් සම්මානයට පාත්‍ර වෙයි Featured

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) 17 වන ටෝකියෝ  ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ (17th Tokyo FILMeX International Film Festival )දී ජගත් සම්මානයට පාත්‍ර විය.

ටෝකියෝ ෆිල්ම් එක්ස් සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික සිනමා සිත්තමක් මෙතෙක් ලබාගත් ඉහළම ජයග්‍රහණය මෙය වේ.
 
සම්මානය සමග ඇමරිකානු ඩොලර් 5000ක මුදල් ත්‍යාගයක්ද මෙම චිත්‍රපටයට හිමිවිය.

මෙම සම්මාන උළෙලේ  ග්රෑන්ඩ්  ප්‍රයිස් සම්මානය(Grand Prize) චීන අධ්‍යක්ෂවරයකු නිර්මාණය කළ Life After Life  දිනාගත් අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10,000 එම චිත්‍රපටය දිනාගත්තේය.

chinafilm

ජුරියේ සදහන (Jury Mention) හා ප්‍රේක්ෂක සම්මානය ( Audience Award) The World of Us (දකුණු කොරියාව) දිනාගත්තේය.

දැවෙන විහඟුන්(Burning Birds) චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක  ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්රපටයේ කැමරා අධ්යක්ෂණය කාලිංග දේශප්‍රයගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (Elie Akoka) ,  ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න,  දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ  නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.

Dewenawihagun

මෙම ජයග්‍රහණය පිළිබදව අදහස් දක්වමින් තරුණ සිනමා ශිල්පී සංජීව පුෂ්පකුමාර පවසා සිටින්නේ ලොව පුරා රටවල් තිහක් පමණ ඉදිරිපත් කළ කලාත්මක අගයෙන් පිරිපුන් අසූවකට ආසන්න සිනමා නිර්මාණ අතරින් දෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකිවීම ප්‍රබල සතුටක් බවයි.

Sanjeewa

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top