Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 29, 2016

ලංකාඊනිවුස් කේස් එකට ජනපතිට අගමැතිට එක්වෙන්නැයි රන්ජන් කියයි

ලංකාඊනිවුස් කර්තෘ සඳරුවන් සේනාධීරට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කිරීමේ සිද්ධියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මැදිහත්විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදීය.

ඔවුන් ගැන චෝදනා ඇත්නම් නිසි ක්‍රමවේදයට ඒවා විමර්ශනය කරණ ලෙසත්, විනිසුරුවන්ට අපහාසයක් කර ඇත්නම් අපහාස නඩුවක් පවරණ ලෙසත්, විනිසුරු වෘත්තිය ලැජ්ජාවට පත්වන දේ නොකරණ ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

රාමනායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

යහපාලනයට පොට පෑදුවේ සමාජ ජාල හා වෙබ් අඩවි

“ යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය නිදහසට එල්ලවූ බරපතලම කැළල තමයි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මා වත් විවේචනය කරලා තියෙනවා, ලංකාවේ බොහෝ මාධ්‍ය රාජපක්ෂලට එරෙහිව කතාකරන්න බය වෙද්දී අද ඇමතිවරු වෙලා ඉන්න අපේ ඇමතිවරුන් බහුතරයක්ම බයවෙද්දී ඔවුන්ගේ දුෂණ මිනීමැරුම් ගැන හෙළිකරලා යහපාලන ආණ්ඩුවක් හදන්න විශාල කර්‍යභාරයක් කළේ ලංකා ඊ නිව්ස් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි කියල කියන්න අපි ලජ්ජා වෙන්න ඕනේ නැහැ”

පිටුපස සිටින දෙදෙනා

“ දැන් ලංකා ඊ නිව්ස් ජාත්‍යන්තර වරෙන්තුව හරි අපුරු එකක්, මේකේ පිටුපස දෙන්නෙක් ඉන්නවා, කණගාටුයි කියන්න එක්කෙනෙක් අපේ ආණ්ඩුවේම අධිකරණ ඇමතිතුමා අනිත් කෙනා හේමන්ත වර්ණකුලසුරිය.”

comment (1)

  • නිමල්

    රංජන්ට මුල මතකයි මේ ආණ්ඩුව බලයට ගෙන්න උදව් කරපු එකට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top