nsb

Nov 29, 2016

ෆොන්සේකාට මහින්ද සමානයි - රනිල් Featured

ආණ්ඩුවේ සැලැසුම් අනුව ගාල්ලට විශාල වාසියක් ඇතිවීමට නියමිත බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ගාල්ල දෙපස ගුවන් තොටුපලවල් දෙකක් තිබීමත්, වරාය දෙකක් තිබීම මෙන්ම අධිවේගී මාර්ගයෙන් ඒ සියල්ල එක්වී තිබීම නිසා ගාල්ල දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන ස්ථානයකට එන බව හෙතෙම කීය.

RanilW1 600px 16 11 29

ලංකාව චීන මගේ

දියුණුවෙන අනෙක් රටවල් විදෙස් රටවලට ආරාධනා කරන බවත්, චීනය දියුණුවෙන මුල් යුගයේ විවිධ රටවලට ආරාධනා කළ බවත්, පසුව ඔවුන් සමාගම් පිහිටුවාගනිමින් දියුණු වූ බවත් අගමැතිවරයා කීය.

ලෝකයේ දියුණුව සමඟ ඉංග්‍රීසි භාෂාව පමණක් නොව චීන හා හින්දි භාෂාව ද ඉගෙනගත යුතු බවද වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ඊළඟ දශකයේ ඉලක්කය

මීළඟ දශකයේ ඉලක්කය ශ්‍රී ලංකාව මැලේසියාව පසුකර යමින් මධ්‍යම ආදායම් ලබන රටක් කිරීම බවද ඔහු පැවසීය.

ඊට පසු දශකය නැත්නම් 2032 ශ්‍රී ලංකාව ඉහල ආදායම් ලබන පොහොසත් රටවල් ගොන්නට එක් කිරීම රජයේ අරමුණ බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ෆොන්සේකාට මහින්ද සමානයි රනිල් කියයි

ධර්මාශෝක විදුහලේ ආදි සිසුන් දෙදෙනෙකු වන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගැනද අගමැතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

තම ඇමති මණ්ඩලයේ සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යුද්ධය මෙහෙයවූවාසේම, කතිර යුද්ධය මෙහෙයුවූයේ මහින්ද දේශප්‍රිය බවද අගමැතිවරයා කීය.

ඒ අනුව මහින්ද ෆොන්සේකාට සමාන බවද කීය.

මැතිවරණය යනු උණ්ඩය වෙනුවට ඡන්ද පාවිච්චි කිරීමක් යැයි ඉංග්‍රීසි කියමනක් ඇති බවද ඔහු සඳහන් කළේය.

රනිල්ගේ අඹ පැලේට 30යි : අකිලට කීයද ?

තමා අධ්‍යාපන ඇමති සමයේ (1985) ධර්මාශෝක විදුහලේ තෑගි ප්‍රදානෝත්සවට පැමිණ පැල කළ අඹ පැලයට දැන් අවුරුදු 30ක් බව කී හෙතෙම එකල වත්මන් අධ්‍යපන ඇමති අකිල විරාජ් කුලියාපිටිය මධ්‍යමහා විදුහලේ අධ්‍යාපනය ලැබූ 12 හැවිරිදි සිසුවෙක් බවද හෙළිකළේය.

- කැළුම් ශිවන්ත

RanilW2 600px 16 11 29

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top