nsb

Nov 29, 2016

ඊනිවුස් මහේස්ත්‍රාත්වරියට එරෙහිව කුමාරප්පෙරුමගෙන් පැමිණිල්ලක් Featured

ලංකාඊනිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර මහත්මිය ලබාදී ඇති නියෝගය නීති විරෝධී සහ දේශසහගත බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාගෙන් අද (29) ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

කුමාරප්පෙරුම මහතා මේ පැමිණිල්ල සිදු කර ඇත්තේ් ලංකාඊනිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාගේ නීතිඥයා ලෙස පෙනී සිටිමින් ඔහුගේ උපදෙස් පරිදිය.

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී ඔහුට පහරදුන් සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමුකිරීමට පෙර සැකකරුගේ ඡායාරූපක් ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ පලකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සඳරුවන් සේනාධීර මහතාට අදාළ ජාත්‍යන්තර රතු වරෙන්තුව නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් උපුල් කුමාරප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ 2016 ජූලි 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බවයි.

එසේම සැකකරු එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස අධිකරණයේ විභාගවන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සැකකරුවකු ලෙස බවයි.

ලංකාඊනිවුස් වෙබ් අඩවියේ සැකකරුගේ ඡායාරූපයක් පලවී ඇත්තේ 2016 ජූලි 18 වැනිදා බවත් කුමාරප්පෙරුම මහතා කීය.

එය පලවන අවස්ථාවේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු කවින්ද්‍රා නානායක්කාර මහත්මිය ඉදිරියේ විභාගවන රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සැකකරුවකු ලෙස නම්කර නොතිබූ බවද ඔහු හෙළිකළේය.

කෙසේවුවද, කුමාරප්පෙරුම මහතා පෙන්වාදෙන්නේ ලංකාඊනිවුස් අදාළ ඡායාරූපය පලකරන අවස්ථාවේ එම සැකකරු උපාලි තෙන්නකෝන් මහතාගේ පහරදීමේ සිද්ධියට අදාළව පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ සැකකරුවකු ලෙස නම්කර නොතිබූ බවයි.

උපාලි මහතාගේ පහරදීමට අදාළ සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුව පවත්වා ඇත්තේ අගෝස්තුමස 26 වැනිදා බවත්, ඔහු සඳහන් කළේය.

කුමාරප්පෙරුම මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට කර ඇති ලිඛිත පැමිණිල්ලේ කවින්ද්‍රා නානායක්කාර විනිසුරුවරිය අංක 01 කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවක් සම්බන්ධයෙන් පලකර තිබූ ටීකාවක් (comment) සම්බන්ධයෙන් ලංකාඊනිවුස් වෙබ් අඩවිය ප්‍රහාරාත්මක ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් උරණව මේ තීන්දුව ලබාදුන් බවට සැක පලකර තිබේ.

නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට කළ පැමිණිල්ල පහත දැක්වේ.

jsc1

 jsc 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top