Nov 30, 2016

'වරාය විකිණීම අපේ ප්‍රතිපත්තිය නොවේ'- වරාය ඇමති

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව වරාය සහ නාවික අමැති අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි.

අධික ණය බරින් සමස්ත වරායම විනාශ මුඛයට ඇද දැමීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බව ද රණතුංග මහතා පවසයි.

''පසුගිය ආණ්ඩු සමයේ දී හම්බන්තොට වරායේ මෙහෙයුම් කිරීමට හම්බන්තොට මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට බඳවාගෙන සිටි සේවකයන් 482 කගේ රැකියා ස්ථීර කර තිබුණේ නැහැ. මේ තරුණ පිරිසගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් ඔවුන්ගේ අනාගතය විනාශ වීමට ඉඩ දී බලා සිටිමේ හැකියාවක් අපට නැහැ.

කොතරම් මූල්‍ය දුෂ්කරතා තිබුණත් අපි ඔවුන්ව ස්ථීර කිරීමට කටයුතු කළා. ඔවුන්ව ඵලදායී ලෙස හම්බන්තොට වරායේ ප්‍රගමනයට යෙදෙවුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණා දැමීමට අදහස් කරන්නේ නැහැ.''

හම්බන්තොට වරායට ලංසුවක් :

හම්බන්තොට වරායේ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදුසු ආයෝජකයකුට එම වරාය බදු දීම මූලික උපක්‍රමය බව අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව අගමැතිවරයා චීනයේ කළ සංචාරයක ප්‍රතිඵලයක් වශයෙන් හම්බන්තොට වරාය සඳහා ලංසුවක් ලබා ගැනීමට හැකි වූ බවද අර්ජුන රණතුංග ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top