Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 30, 2016

පළමු පෙළ ක‍්‍රීඩකයින්ට ඉහළට යන්න අවස්ථාවක් Featured

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ තරග සඳහා ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයන්ට තිබූ බාධකයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩාත් ඉහළ තලයට පිවිසීම සඳහා අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

මෙවර තරගාවලියේදී පහළ තළයේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ ක්‍රීඩකයකුට ඉහළ තලයේ ක්‍රීඩා කරන වෙනත් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීමට විධායක කමිටුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහෙත් එසේ කළ හැක්කේ එම ක්‍රීඩකයා කළින් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය ඉහළ තලයේ තරගාවලිය සඳහා සහභාගි නොවන්නේ නම් පමණි.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 24 ක් තල දෙකකින් ක්‍රීඩා කරයි.

මෙතෙක් පැවැති නීතිය අනුව මෙම ක්‍රීඩා සමාජ 24ට ඇතුළත් නොවූ ක්‍රීඩා සමාජ වෙනුවෙන් මෙම තරග වාරයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළ නොහැකිය.

කෙසේ වෙතත් ක්‍රීඩකයකුට පළමු පෙළ තරගාවලියේදී වෙනත් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැක්කේ තරගාවලියේ සෙසු සියලුම නීති රීති වලට යටත්වය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top