nsb

Nov 30, 2016

සූර්ය බල විදුලි උත්පාදනයේ නීතිමය බාධා ලිහිල් වෙයි

සුර්යබල සංග්‍රාමය යටතේ නිවාසවල නිෂ්පාදනය කෙරෙන විදුලිබලය, විදුලිබල මණ්ඩලයට අලෙවි කිරීම සඳහා කිසිඳු බලපත්‍රයක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මීට පෙර ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුව තිබුණ ද මෙය ජාතික වැඩසටහනක් ලෙස සලකමින් අවසර පත්‍රයකින් තොරව විදුලිය අලෙවි කිරීමට මේ වන විට අවස්ථාව සලසා දී ඇති බව එම කොමිසම සඳහන් කළේය.

ගෘහස්ථ වහලක සවිකරනු ලබන සූර්යබල විදුලි උත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නීතිමය රාමුවක් හඳුන්වාදීමටද සූදානම් වෙයි.

ඒ අනුව සූර්යබලය මත පදනම්ව විදුලිය නිෂ්පාදනයට කැමැත්තක් දක්වන අය සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අලෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන‍්ට කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමටද සභාව යෝජනා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top