Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 30, 2016

හෘද රෝගීන් සිව් දෙනෙකු මියයාමේ හේතුව හෙළිවේ ! Featured

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ Non Ionic contrast media for cardio angiography for adult – 100ml නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.

ඒ අනුව හෘද රෝග සැත්කම සඳහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබදව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොණරාගල, යාපනය, කරාපිටිය, දකුණූ කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙනිය යන රෝහල්වලට නිකුත් කර ඇති බවත් අනාවරණය වී ඇත.

ඒ අනුව එම රෝහල්වල ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ.

මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරනු ලබයි.

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම්වලට ලක් කළ රෝගීන් මියයාම පිළිබදව සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ත්‍රීපුද්ගල පරික්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබේ.

එම පරික්ෂණ කණ්ඩායමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1) වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග, අධ්‍යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා යන පිරිස ඇතුලත් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top