nsb

Dec 01, 2016

මාධ්‍ය නියාමනයට ස්වාධීන කොමිසමක් !

මාධ්‍ය නියාමනය කිරීම සඳහා ලබන වසරේ මුල් මාස 03 තුළ ස්වාධීන නියාමන කොමිසමක් පාර්ලිමේන්තු අනුමැතිය යටතේ ස්ථාපිත කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (30) කොළඹදී පැවති ජනමාධ්‍ය උත්සවයකට එක්වෙමිනි.

ස්වාධීන නියාමන කොමිසම ඇති කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවත්, මාධ්‍යවේදීන්ටත් ඒ සඳහා අදහස් ලබාදිය හැකි බවද හෙතෙම එහිදී පැවසිය.

ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මින් ඉදිරියට ප්‍රාදේශීය මාධ්‍යවේදී තනතුර යටතේ හැඳුනුම්පත් නිකුත් නොකරන බව එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

මුද්‍රිත මාධ්‍ය, විද්යුත් මාධ්‍ය සහ මෙරට ලියාපදිංචි වෙබ් අඩවිවල ප්‍රවෘත්ති අන්තර්ගතය අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති හා ක්‍රමවේද අනුව නියාමනය කිරීම සඳහා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද පසුගිය 23 දා  ප්‍රකාශ කළේය.


සබැඳි පුවත් :

'පුවත්පත් මණ්ඩලය ස්වාධීන කරන්න' -ඩලස්

රජය මාධ්‍ය නියාමනයට සැරසේ !

සමාජ ජාලා පාලනයට අලුතින් පණතක් !

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් - PWJA

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top