Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 05, 2018

මැතිවරණ කොමිසම මැතිවරණ චක්‍රලේඛය උල්ලංඝනය කරලා !

ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්වලට නිලධාරීන් සේවකයින් බඳවා ගැනීම, උසස් කිරීම හා මාරු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් 28-11-2017 නිකුත් කරන ලද චක්‍රලේඛනය වෙනස් කිරීමේ සිද්ධියක් කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් වාර්තා වේ.

මැතිවරණ සමයේදී විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ස්ථාන මාරු කිරීම් සිදු කරන්නේ නම් එම චක්‍රලේඛයේ 07 වැනි වගන්තියේ (vi) පරිච්ඡේදයේ දැක්වෙන පරිදි මැතිවරණ කොමිෂන් සභාවට පෙර දැනුම්දීමක් කර අවසර ලබාගත යුතුවේ.

කෙසේවුවද, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ පරීක්ෂක ව්‍යාපෘති තාක්ෂණික සංගමයේ ලේකම් එස්.එල්. ප්‍රියදර්ශන මහතා 14-12-2017 වැනිදා එම අධාකාරියේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයට මාරු කර තිබේ.

පසුව ප්‍රියදර්ශන මහතා ඔහුගේ ස්ථාන මාරුව අදාළ චක්‍රලේඛයට අනුව වැරදි බව මැතිවරණ කොමිසට ලිඛිතව දන්වා ඇත.

එම ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.
Doc 001

ප්‍රියදර්ශන මහතාගේ ලිපිය සලකා බලා 23-12-2017 මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර ඇත.

කෙසේවුවද, ඊට දින 6කට පසුව (29-12-2017) නැවතත් මැතිවරණ කොමිෂන් සභාව අදාළ ස්ථාන මාරුව අවලංගු කුඩා තේවතු සංවර්ධන අධිකාරියට ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව ඔවුන් විසින්ම අදාළ චක්‍රලේඛය උල්ලංඝනය කර ඇති බව පැහැදිළි වේ.
Doc 002

එම චක්‍රලේඛයට අනුව 07 වැනි වගන්තියේ (vi) පරිච්ඡේදයේ දැක්වෙන්නේ “ තවද කිසියම් විශේෂිත අත්‍යවශ්‍ය කරුණක් හේතුවෙන් එනම් (විනය ක්‍රියාමාර්ග, නිළධාරීන්ගේ ඉල්ලීම්මත සානුකම්පිත ක්‍රියා කිරීමට සිදුවීම, යම්කිසි පාඨශාලාවකට අත්‍යවශ්‍ය ගුරුවරුන් ලබාදීම වැනි කරුණු හේතුවෙන්) ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ප්‍රදේශවල නිළධාරීන් / ගුරුවරුන් / විදුහල්පතිවරුන් ස්ථානමාරු කිරීමට සිදුවන විට එම මාරුකිරීම් දේශපාලනමය සිද්ධීන් නිසා කරනු ලබන මාරුවීම් නොවන බවට සනාථ කළ හැකි නම් නැතහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි / චෝදනා නොලැබේ නම් එවැනි මාරුවීම් සම්බන්ධයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුවත් කරනු ලැබූ පසු ඒ සඳහා අනුමැතිය ලබාදිය හැකිය.)
Doc 003

එම ලිපි දෙකම යොමුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් හේ.මු.ති.දි. හේරත් මහතා විසිනි.

ඔහු අදාළ ස්ථාන මාරුවට හේතුවී ඇත්තේ විනය හේතු බැවින් ඔහුගේ පළමු ලිපිය අවලංගු කරන බවද එහි දක්වා ඇත.

Doc 004

එම ලිපියේ ගැටලු කිහිපයක් තිබේ අදාළ ලිපිය සැකසූ දින වන 29-12-17 දිනයේදීම එය කුඩා තේවතු සංවර්ධන අධිකාරීයේ ප්‍රධාන කාර්යාලයට ද ලැබී තිබීමය. එය එම කාර්යාලයෙන් ප්‍රියදර්ශන මහතාට දුන් පිටපතේ ඇති රබර් මුද්‍රාවෙන් සනාථ වේ.

එය පහත දැක්වේ.
Doc 005

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා, එහි සාමාන්‍යාධිකාරීවරයා හා වැඩබලන මානව සම්පත් කළමනාකරු දූෂිත පුද්ගලයන් බවට මීට පෙර මාධ්‍ය චෝදනා එල්ලවී තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top