nsb

Dec 01, 2016

චුන්නාකම් බලාගාරයේ වැඩ අත්හිටුවයි

පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ  පෙත්සමක්  සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තුරු යාපනය චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරයේ වැඩ කටයුතු  තාවකාලික අත් හිටුවමින්  අතුරු තහනම් නියෝගයක් ඊයේ (29 දා) නිකුත් කර තිබේ.

එම විදුලි බලාගාරය හේතුවෙන් යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ළිං වලට තෙල් සහ ග්‍රීස් එක් වීමෙන්  ජලය අපවිත්‍ර වී ජීවිතයට බාධා එල්ල වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය ගොනු කර තිබූ පෙත්සම  අගවිනිසුරු කේ ශ්‍රී පවන්, බුවනෙක අලුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳැවිණි.

මෙම පෙත්සම ජනවාරි 30 වැනි දා විභාගයට ගැනීමට ද තීන්දු විය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරි ය, විදුලිබල මණ්ඩලය , උතුරු පළාත් මහ ඇමති , යාපනය චුන්නාකම් විදුලි බලාගාර සමාගම ,අයෝජන මණ්ඩලය , වලිකාමම් ප්‍රදේශීය සභාවේ සභාපති සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 එසේම මෙම භූගත ජල දූෂණය වීම නිසා පීඩාවට පත්වූවන්ට වගඋත්තරකාර පාර්ශවයන් ගෙන්  වන්දි ලබා දෙන ලෙද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ  ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ  , නිතිඥ චතුර වෙත්තසංහ යන මහත්වරු ස්වේච්ඡා  දායකත්වය සපයා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top