15976 BM WEB BANNER 01
Dec 01, 2016

සළුසල කේස් අධ්‍යෂිකා, රිෂාඩ්ගේ අමාත්‍ය ලේකම් ළඟ ? Featured

වංචා චෝදනාවක් එල්ලව සිට කැමැත්තෙන් විශ්‍රාමගිය තැනැත්තියකට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරියක ලෙස බඳවාගෙන ඇතැයි වාර්තා වේ.

ඇයට එල්ලවී ඇති වංචා චෝදනාව වන්නේ ව්‍යාජ අපොස උසස් පෙළ සහතිකයක් ඉදිරිපත්කර සළුසල ආයතනයේ විකුණුම් අංශයේ ඡ්‍යෙෂ්ඨ කලමානාකාරී ධූරයක් ලබාත්තේ යැයි වන චෝදනාවය.

මේ සම්බන්ධයෙන් අප ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇය එම අමාත්‍යංශයේ සේවය නොකරණ බවයි.

විලාසිතාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතිකේ

මේ අතර, ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත්කර තනතුරක් ලබාගැනීමේ සිද්ධිය ලිහා දැමීමට තෙන්නකොන් මහතා මැදිහත්වූ බවට ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන්ද ඔහුගෙන් අප විමසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ මේ කියන තැනැත්තිය අදාළ ආයතනයේ සේවයට එක්වී වසර 20ක් පමණ වන බවයි.

ඇය මුලින්ම සේවයට එක්වන විට අවශ්‍යව තිබී ඇත්තේ සාමාන්‍ය පෙළ සමත්වීම පමණක් බවත්, ඒ අනුව ඇගේ සේවාකාලය පදනම්ව මේ උසස්වීම් ලබාදී ඇති බවද ලේකම්වරයා අවධාරණය කළේය.

කුණුහරුප චෝදනා

කැබිනට් පත්‍රිකාවකට අනුව සළුසල සේවකයින් 198 දෙනෙකුට වන්දි සහිතව කැමැත්තෙන් විශ්‍රාම යාමට ලබාදුන් අවස්ථාවේදී ඇයද එසේ විශ්‍රාමයාමට ඉල්ලූවිට පළිගැනීමේ ක්‍රියාවලියක් මත ඇයට එම අවස්ථාව අහිමිකිරීමට සළුසල ආයතනයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු උත්සාහ කළ බව ලේකම්වරයා අප සමඟ කියා සිටියේය.

එම අවස්ථාවේදී ඇය සම්බන්ධ කාරණාව කමිටුවකට යොමුකර කමිටුව මගින් නිදොස් කිරීමෙන් පසුව ඇයට වන්දි ලබාදී ඉවත් කළ බව තෙන්නකෝන් මහතා කීය.

තමාට එල්ලවන අදාළ චෝදනාව කුණුහරුප එකක් බවද ඔහු සඳහන් කළේය.

කෙසේවුවද, අදාළ තැනැත්තියට එම ආයතනයෙන් ඉවත්වද්දී රුපියල් ලක්ෂ 28ක මුදලක් වන්දි ලෙස ලැබී ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පොලිස් පැමිණිල්ල ඇත්ත - සභාපති

එසේම ඇය ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත්කර එම ආයතනයේ ඉහල තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් සළුසල ආයතනය විසින් වංචාවිමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබූ බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සළුසල සභාපතිවරයාගෙන් අප දුරකථනයෙන් විමසා සිටි අතර ඔහු එහිදී වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කළ බව සඳහන් කළද වෙනත් කරුණු හෙළි කිරීමට මැලිවිය.

අදාළ, පැමිණිල්ල පසුව සළුසල ආයතනය විසින්ම ඉවත්කරගෙන ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර එය ඉවත්කරගනු ලැබුවේ අමාතයංශ ලේකම්වරයකුගේ මැදිහත්වීමකින් බවද එම ආරංචි මාර්ගවලින්ම වාර්තා වේ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top