Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 08, 2018

ලසන්ත ඝාතනයට වසර නවයයි : ඝාතකයින් නිදැල්ලේ !

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පුරෝගාමී කතුවර නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර නවයක් සපිරේ.

වික්‍රමතුංග මහතා රත්මලානේ සිය කාර්යාලය වෙත සිය වාහනයෙන් ගමන් ගනිද්දී අත්තිඩිය පාරේදී ඝාතනයට ලක්විය.

එම ඝාතනයේ පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය මගින් යළි 2015 වසරේදී ආරම්භ කළේ වසර පහක් පුරාම එම පරීක්ෂණ කටයුතු යටපත්ව තිබීමෙන් අනතුරුවය.

කෙසේවුවද මේ දක්වා මෙම ඝාතනයට වගකිවයුත්තකු සොයා ගැනීමට අපොහොසත්ව තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන්ද, නෑ හිත මිතුරන්ද අද 8 වැනිදා පෙරවරු 9.00 ට බොරැල්ල කනත්තේදී ඒ මහතාගේ සොහොන් බිම වෙත පැමිණ සිය ගරු බුහුමන් දැක්වීමට නියමිතය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top