nsb

Dec 01, 2016

දිනමිණ හා ඩේලිනිවුස් ෆේස්බුක් හට ජෝක් සැපයීම බාරගනියි Featured

පසුගිය කාලයේදී රාජපක්ෂ රෙජීමයේ හොරණෑ බවට පත්ව සිටි දිනමිණ හා ඩේලිනිවුස් පුවත්පත්වල ඇති පුවතක් සමාජ ජාල වෙබ්වල හාස්‍යට ලක්ව තිබේ.

මේ පුවත දිනමිණ පුවත්පතේ හය වැනි පිටුවේ “දුමින්දගේ ෆේස්බුක් ගිනුම ගැන මතවාද පැතිරෙයි” ලෙසත් ඩේලිනිවුස් පුවත්පතේ පළමු පිටුවේ “Controversy Brewing, Over Duminda Silva’s Facebook Profile” ලෙසත් දක්වමින් පලකර තිබේ.

මේ පුවත මගින් දුමින්දට මරණදඬුවම ලබාදී බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ ෆේස්බුක් ගිනුම් කිහිපයක් යවත්කාලීන වන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නකර තිබේ.

අදාළ පුවත මගින් ගොඩනගා ඇති තර්කය වන්නේ මරණ දඬුවම හිමිවූවෙකුට බාහිරව පුද්ගලයන් සමඟ ගනුදෙනු කළ හැකිද යන්නයි.

කෙසේවුවද, එම පුවත්පත්වල කර්තෘවරයාගේ සිට මාධ්‍යවේදියා දක්වාම සමාජ ජාල ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදය නොදත් පිරිසක් බව මේ ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබේ.

හිරු ගොසිප් පුවතට මෙතනින්

ජනපතිවරයා, මෙන්ම අගමැතිවරයාද, විශාල මිතුරන් පිරිසක් සිටින ෆේස්බුක් හිමිකරුවන්ද වැඩි දෙනකු සිය ෆේස්බුක් යවත්කාලීන කිරීම සිදු කරනු ලබන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙකු හරහාය.

ඒ අනුව මේවන විට දුමින්ද සිල්වා මහතාගේ ෆේස්බුක් ගිනුමේ ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස කටයුතු කරන්නේ ඔහුගේ සොයුරිය වන දිලිනි ද සිල්වා බව හිරු ගොසිප් වාර්තා කර තිබේ.

හාස්‍යට හේතුව වන්නේ මාධ්‍යවේදියා ජනතාවට ඉදිරියෙන් සිටිය යුත්තකු වන බවට වන නියතය ලේක්හවුස් මාධ්‍ය ආයතනය තුළ නැතිද යන්න පිළිබඳවය.

ඔවුන් ෆේස්බුක් පිටුවක් යවත්කාලීන කිරීම තමන් විසින් සිය කාර්යාල කාමරයේදී පිරිගණකයක් යොදාගෙන කළ යුතුම යන මානසිකත්වයෙන් පසුවන පිරිසක් බවද මේ පුවත මගින් පසක් කර තිබේ.

කෙසේවුවද, මෙහිදී මානවහිමිකම් කොමසාරිස් ආචාර්ය පාලිත මහානාමහේවා මහතා එම පුවතට අදහස් දක්වමින් සිරගතව සිටින සිරකරුවකුගේ අන්තර්ජාල කටයුතු පාලනය කිරීමට නිශ්චිත නීතියක් නොමැති බව පෙන්වාදී තිබියදීම මෙය පුවතක් ලෙස වාර්තා කිරීමද හාස්‍යට හේතුවී ඇත.


“දුමින්දගේ ෆේස්බුක් ගිනුම ගැන මතවාද පැතිරෙයි” පුවත

Duminda1

“Controversy Brewing, Over Duminda Silva’s Facebook Profile”  පුවත

duminda2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top