Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 08, 2018

ලසන්ත මතක රවීට විතරයි ? Featured

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර 09 ක් ගත වී ඇති අතර ඒ වෙනුවෙන් අද උදෑසන 9 ට බොරැල්ල කනත්තේ ඒ මහතාගේ සොහොන් බිම වෙත පැමිණ ඔහුගේ

පවුලේ ඥාතීන්ද, නෑ හිත මිතුරන්ද එක්ව ඔහුට ගරු බුහුමන් දැක්වීය.La4

මෙම සමරු අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පමණක් වීම විශේෂ සිද්ධියකි.

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද අදාළ ස්ථානයට පැමිණ ඇතත් ඔහුට වෙනත් කාර්යක් සඳහා යාමට නියමිත බවත්, ඒ සඳහා යාමට ඇති හෙළිකොප්ටරය මඟ නොහැරගැනීමට ඇති බැවින් වේලාසන යන බව ලසන්තගේ ඥාතීන්ට පවසා නික්ම ගොස් තිබේ.

ලසන්ත ඝාතනය ගැන මේවසරේ තීන්දුවක් ගතයුතුයි - රවී

එහිදී අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය කරුණානායක මහතා එදා ලසන්ත හා තමන් ඇතුළු කණ්ඩායම එම දුර්දාන්ත පාලනය පරාජය කර අද ආණ්ඩු බලයේ සිටිය ද ලසන්ත තමන්ගෙන් ඈත්වූ බව කීය.

විමර්ශනය අවසන් බව පොලිසිය පැවසුවත්, තවමත් පරීක්ෂණ පැවැත්වෙන්නේ ඉබිගමනින් බවද ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ලසන්ත මැරැවේ අධි ආරක්ෂිත කලාපයකදියි

එවකට කොළඹ අධිආරක්ෂිත කලාපයක් වූ දෙහිවල අත්තිඩිය පාරේදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතා සිය වාහනයෙන් කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් සිදුකළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

La10ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා පසුව කලුබෝවිල රෝහලට ඇතුළත් කළ ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය.

ඔහු ගමන් ගත් මාර්ගයේ හමුදා මුරකපොලු කිහිපයක් තිබිණි. ඝාතකයා මේ මුර කපොලු සියල්ලට වෙට්ටු දමා පලා ගියේ කෙසේද යන්න කවුරුත් දන්නා නමුත් නොකියවෙන රහසකි.

එම ඝාතනයේ පරීක්ෂණ කටයුතු යටයමින් තිබියදී රහස් පොලිසිය මගින් වසර පහකට පසු යළි 2015 වසරේදී ආරම්භ කළේය.

ලංකාවේ ප්‍රධාන පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න මෙරට මාධ්‍ය නිදහස පිළිබඳව කියවෙන ප්‍රබල ගැටලුවක් විය.

ඒ වන විට යුද්ධය නිමාවී අඩවසරක් ගතවී පශ්චාත් යුධ සමය උදාව පැවතිණි. යුද්ධය පිළිබඳ මිහිරි අමිහිරි වාර්තා මාධ්‍ය ඔස්සේ වාර්තා වන සමයක්ද විය.La12

එවකට හමුදාපති ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකා !

එවකට හමුදාපතිවරයා වූයේ සරත් ෆොන්සේකා මහතාය. 2015 දී ආරම්භ කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකළ කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමක් කළේය.

ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

කට උත්තර , සාක්ෂි ,පෙනෙන නොපෙනෙන සියලු දේ සමග වික්‍රමතුංග මහතාගේ සිරුර නැවත ගොඩ ගනිමින්, යළි යළි පරීක්ෂණ සිදු කරමින් මෙම නඩුව වසර නවයක් පුරා තවමත් විභාග වෙමින් පවතී.

සබැඳි පුවත්
ලසන්තගේ ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top