Dec 01, 2016

ඒඩ්ස්‌ රෝගයෙන් මිලියන 35 ක් මියගිහින් Featured

ලෝක ඒඩ්ස්‌ දිනය අදට (01 දා) යෙදී තිබේ. ''එච්. අයි. වී. නිවාරණය සඳහා දැත් ඔසවමු" යන්න මෙවර ඒඩ්ස්‌ දිනයෙහි තේමාව වී තිබේ.

ලොව ප්‍රථම එච්. අයි. වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවූ තැනැත්තා සොයා ගැනීමෙන් පසු මේ දක්‌වා මිලියන 88 ක පමණ ජනගහනයක්‌ එම වෛරසයට ගොදුරු වී ඇති අතර ඒඩ්ස්‌ රෝගයෙන් මිය ගොස්‌ ඇති සංඛ්‍යාව මිලියන 35 කි.

 ලංකාවේ ඒඩ්ස්‌ ශරීරගත වූවන්  4200 ක්

ශ්‍රී ලංකාවේ දැනට එච් අයි වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූවන් 4200ක් පමණ ජීවත් වන බව ඇස්තමේන්තු ගත කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

එම රෝගීන්ගෙන්  2502ක් පසුගිය සැප්තැම්බර් මාසය වන විට  හදුනාගෙන ඇති බවත් එයින් 405 දෙනෙකු මිය ගොස් ඇති අතර 2100 දෙනෙකු දැනට ජීවත්ව සිටින බවත් ඒ මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහනට අයත් සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබනුයේ 1000 ක් පමණ පිරිසකි.

මෙහි ඇති අනතුරුදායක තත්ත්වය වන්නේ ආසාදිතයින්ගෙන් 50%ක් පමණ තමා එච්.අයි.වී  ආසාදිතයෙකු බව නොදැන සිටීම බව සිසිර ලියනගේ මහතා කියා සිටියි.

 එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් හදුනාගැනීම සඳහා පරීක්ෂණ  සිදු කිරීමට මෙවර ඒඩ්ස් දිනයේදී වැඩි අවධානයක් යොමු කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top