Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 09, 2018

බැඳුම්කර වාර්තාව : ඒකාබද්ධය විවාදයට කලින් පිටපතක් ඉල්ලයි Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට පෙර එම සම්පූර්ණ වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

මේ දක්වා ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව තමන්ට නොලැබුණු බවත් අද (09දා) දින කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ද මෙම සම්පූර්ණ වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන විධිමත් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නම් මෙම සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීම වඩා වැදගත් වන බවද ගුණවර්ධන මන්ත්‍රිවරයා කියා සිටියේය.

මීට අමතරව සැලකිය යුතු කාලයක් මේ විවාදය පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසටද අද පැවැත්වීමට නියමිත පක්‍ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

unnamed 1

''චරිත ඝාතනය කරලා අලියා බය කරන්න හදනවා'' - රවී

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපතක්‌ තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (08 දා) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් පත්‍රයක්‌ භාර දුන්නේය.

අගමැති කාර්යාලයෙන් මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ද මිට පෙර එසේ ඉල්ලීම් කර තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top