Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2018

සූර් වෙන්න දුන් කාලය සංශෝධනය කෙරේ !

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් අද(11) සිට සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සුරාබදු ආඥා පනත යටතේ ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

බලපත්‍ර වර්ගය අනුව විවෘතව තැබෙන වේලාවන් වෙනස් වන අතර විදේශීය මත්පැන් තැබෑරුම් විවෘතව තැබෙන වේලාව පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා සංශෝධනය කර තිබේ.

මත්පැන් සිල්ලරට අලෙවි කරනු ලබන ස්ථාන පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වාත් රා තැබෑරුම් පෙරවරු 11 සිට රාත්‍රී 9 දක්වාත් විවෘතව තැබීමේ හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් බලපත්‍රවලට සහ හෝටල් පීඨිකා බලපත්‍රවලට පෙරවරු 11.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මත්පැන් අලෙවිය සිදු කළ හැකි අතර අවශ්‍ය වන්නේ නම් බලපත්‍රකරුගේ ඉල්ලීම මත අළුයම 02.00 දක්වා වේලාව දීර්ඝ කිරිමට ක්‍රියාකරනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම සමාජ ශාලා බලපත්‍ර සහ හිමිකාර සමාජ ශාලා බලපත්‍ර සඳහා පෙරවරු 11.00 සිට රාත්‍රී 10.00 දක්වා මත්පැන් අලෙවිය සිදු කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පැවසුවේය.


ඒ අනුව මත්පැන් අලෙවි කරන ස්ථාන විවෘතව තබන වේලාවන් පහත පරිදි වේ.

bar

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top