Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 02, 2016

පෙරටුගාමී ගුණරත්නම් අද නිදහස් Featured

පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාගේ සිරදඬුවම් කාලය අද (02) අවසන් වන අතර, ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන්නේ ද නැද්ද යන රජය විසින් අද තීරණය කරනු ඇත.

ඔහුට දෙසැම්බර් 09 දක්වා සිරදඬුවමක් නියමව තිබුනද සිරකරුවන්ට පොදුවේ හිමිවන සහන දින ගණන් අඩු කිරීමෙන් පසු අද දින සිරදඬුවම් කාලය නිමාවේ.

ඔහුව පිටුවහල් කිරීමේ අදහසක්‌ නැති බවත්, විධිමත් පරිදි ඔහු විසින් පුරවැසිභාවය ඉල්ලා සිටියොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවත් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්‌කෘතික ඇමැති එස්‌. බී. නාවින්න මහතා ඊයේ (01 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්‌ථාවර නියෝග යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

කුමාර් ගුණරත්නම්ගේ මවුපියන් මෙරට ජීවත් වන පුරවැසියන් නිසා ඔහු ලංකාවෙන් පිටුවහල් නොකර පුරවැසිභාවය ලබාදෙන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

තීරණය ඔහු අතේ :

කුමාර් ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගන්නේ නම් ඔහු දැනට ලබා තිබෙන ඔස්‌ට්‍රේලියාවේ පුරවැසිභාවය අත්හැරිය යුතු බව කී ඇමැති නාවින්න මහතා එසේ නොමැති නම් ඔහුට ද්විත්ව පුරවැසි ගුවන් ගමන් බලපත්‍රයක්‌ ලබා ගත හැකි බවද කීවේය.

පෙරටුගාමී පක්‌ෂයේ සාමාජිකයන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳ සාකච්ඡා පැවත්වූ බවද කී ඇමැතිවරයා ගුණරත්නම් මහතාගේ පුරවැසිභාවය ලබා ගැනීමේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන ලෙසද කීවේය.

මේ අවස්‌ථාවේදී නැගී සිටි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා "ඒකාබද්ධ විපක්‌ෂයට කුමාර් ගුණරත්නම් ගැන අනුකම්පාවක්‌ ඇති වෙලා. ඔහුව එදා පැහැරගෙන ගියේ අපි නොවේ. හිටපු ආණ්‌ඩුවයි. එදා නිහඬව සිටි අය අද කිඹුල් කඳුළු හෙළනවා...." යෑයි කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top