Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 13, 2018

මන්ත්‍රීවරුන් 62කගේ පැටිකිරිය ලබන සතියේ එලියට ! Featured

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බවත් ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයකු වැඩිදුරටත් සඳහන් කළේය.

බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වන බවද ඔහු වැඩිදුරටත් කීවේය.

බැඳුම්කර වාර්තාව සම්පූර්ණයිද කියා සැකයක් !

මේ අතර 'ඉරිදා මව්බිම' පුවත්පත පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාව පූර්ණ සාක්ෂි සහිත වාර්තාවක් වේද පිළිබඳ සැකයක් මතුවී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙන බවයි.

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද වන්නේ මෙම හේතුව නිසාද යන සැකය මේ වන විට මතුව ඇති බවද එම දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරන බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පසුගිය 11 වැනිදා මැදිරිගිරියේ දියසෙන් පුර පැවැති ජන රැලියකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ, වංචා දුෂණ සිදු කරන සියල්ලන්ට පක්ෂ, තනතුරු හෝ තත්වය නොසලකා ලබාදිය හැකි ඉහළම දඩුවම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි.

වැරදි කරන පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළව කටයුතු කරන බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත්
ජනපතිගෙන් රතු එළියක් ! - කඩුවෙන් වැඩ ගැනීමට යයි !!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top