Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
ජනපති හා මංගල අතර ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් .. ජනපති හා මංගල අතර ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ..
Jan 13, 2018

මංගලගේ ගැසට් නිවේදනය අහෝසි කිරීමට යයි ! Featured

 

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ විකිණිමට තිබූ තහනම ඉවත් කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා නිකුත්කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන්නැයි භික්ෂුන් වහන්සේලා කිහිප නමක් හා ශ්‍රීලනිපයේ ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් කර ඇති ඉල්ලීම් සලකා බලා ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය තුලදී මහජන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

Mangala MS 3
''කාන්තාවන් මත්පැන් සඳහා ඇබ්බැහි වුවහොත් මුළු මහත් ජාතියකට අබ සරණයි'

'හෙළ බොදු සවිය' නමැති සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්, ''ඇමති මංගලගේ අවමංගල නීති සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන රටේත් ජාතියේත් අනාගත පරපුරෙත් හෙට දවස ගැන සිහිනුවණින් සිතා සාදාචාර සමාජයක් උදෙසා කටයුතු කරන්නැයි'' ඉල්ලා තිබේ.

ඒ අතර 'සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඊයේ (12) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්, ''කාන්තාවන් මත්පැන් සඳහා ඇබ්බැහි වුවහොත් මුළු මහත් ජාතියකට අබ සරණයි'' යයි පැවසුහ.

එසේම, මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හිටපු නායක, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද විරෝධතාව පළකර සිටිති. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පවසති.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්:

Mangala MS 1

වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර

සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට පනවා තිබු වාරණය අහෝසිවිය.

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා (ජනවාරි 10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ.

ජනාධිපති හා මංගල කෙටවීමේ මෙහෙයුමක් !

Mangala MS 2

 

බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා 'ජාතික බලවේග' උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින්...

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉලක්කකර කරගනිමින් මේ සතිය පුරා පුළුල් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නැයි පොහොට්ටු පක්ෂයේ මහ මොලකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ මාධ්‍ය ජාලයට දැනුම් දී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එහිදී මුදල හා මාධ්‍ය අමාත්‍යංශය විසින් මත්පැන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකල සංශෝධන වලට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා 'ජාතික බලවේග' උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින් මෙම ගැසට් නිවේදනය අවලංගු කරවා ගැනීමට බලපෑම් කරන ලෙසත්, ඒ හරහා ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ගැටුමක් නිර්මාණය කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා සිය මාධ්‍ය ජාලයට උපදෙස් දී ඇතැයි එම වාර්තා වල සඳහන් වේ.

නාමල්ගේ නඩයත් වැඩට බසී !

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම මාධ්‍ය මෙහෙයුම සඳහා, පසුගිය සමයේ නාමල් රාජපක්ෂ මහතා සමග ක්‍රියාත්මක වූ 'තාරුණ්‍යට හෙටක් ' සංවිධානයේ හිටපු සාමාජිකයින් කිහිප දෙනෙකුද යොදා ගෙන තිබේ.

ඔවුන් ගෙන් ඇතැමුන් මේවනවිට ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ආයතනවල ප්‍රධානින් ලෙස කටයුතු කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමට වාසි සහගතවී ඇතැයි වාර්තාවේ.

මේවනවිට දේශපාලන මාධ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂම සමාජ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂ මහතා යටතේය. පසුගිය ජනාධිපතිවරයයේදී හා මහ මැතිවරණයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් ද තමා වටා ගොනුකර ගැනීමට ඔහු සමත්ව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top