Dec 02, 2016

පොලිස්පති ඉවත් කරන්නැයි ජනපතිට බලපෑම් ! Featured

ඉතා කෙටි කාලයක් තුලදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එල්ලවී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් ඔහුව වහාම තනතුරින් ඉවත් කරන මෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (30) 'සිරස' රුපවාහිනියේ විකාශයවූ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ දුරකථන සංවාද මෙවැනි ඉල්ලීමක් කිරීම ආසන්නතම හේතුව වී ඇත.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ සිවිල් සංවිධාන ප්‍රධානියකු කියා සිටියේ, මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.

පොලිස්පති වැරදියි :

මේ අතර පොලිස්පතිවරයාගේ දුරකථන සංවාදය ගැන ඊයේ (දෙසැ 01) පාර්ලිමේතුවේදී නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුයේ, පොලිස්පතිවරයා ප්‍රසිද්ධ වේදිකාවක කළ එම දුරකථන සංවාදය වැරදි සහගත බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසන බවත්ය.

එම දුරකථන සංවාදය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර පොලිස්පතිවරයා පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට කැඳවීමෙන් වැළක්වීමට උත්සාහ කරන්නේ දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ මහේෂ් ගුණවර්ධන දැයි විමසුවේය.

පොලිස්පතිට කතා කලේ කව්ද ?

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමින් පොලිස්පතිවරයාට මෙකී ඇමතුම දුන්නේ සාගල රත්නායක ඇමැතිවරයා නොවේ නම් ඔහු ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු යැයි කීය.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ දුරකථන සංවාදයට මේවනවිට මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලැබී ඇති අතර, 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන පරිදි ඔහු එම දුරකත සංවාදය සිදුකර ඇත්තේ පොලිස් විෂය බාර අමාත්‍ය සාගල රත්නායක මහතා සමගය.

අදාල වීඩියෝව පහත දැක්වේ.

සබැඳි පුවත්

පොලිස්පතිගේ හැසිරීම වැරදියි-ජනපති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top