Dec 02, 2016

වලවේ ගඟට වැසිකිලි වලවල් 21ක් මුදා හැරලා! Featured

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවක් ලෙස සැලකෙන වලවේ ගඟට වැසිකිලි වලවල් 21 ක් මුදා හැර ඇති බව වාර්තා වේ.

Tilakawardhanaජනාධිපති ලේකම් කාර්යාලය හා උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA)  විසින් සිදුකරනු ලබන ‘වස විස නැති රටක්’ ව්‍යාපෘතියේ වලව කලාපයේ ක්ෂේත්‍ර චාරිකාවකට පසුගියදා එක්වූ මාධ්‍යවේදී පිරිසක් හමුවූ අවස්ථාවේදී අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච්.තිලකවර්ධන මහතා මේ බව පවසා සිටියේය.

දකුණු පළාතේ පානීය ජල අවශ්‍යතා සපුරමින් කෘෂිකර්මාන්තය උදෙසා මහගු මෙහෙයක් ඉටු කරමින් ජන ජීවිතය පවත්වාගෙන යාමට උරදෙන වලවේ ගඟට මෙවන් තත්වයක් උදාවීම ව්‍යවසන බොහෝමයකට හේතුවක් බව ද ඒ මහතා සදහන් කර සිටියි.

මේ වන විට වලවේ ගඟට සිදුවන මෙම විනාශයට එරෙහිව පියවර ගනිමින් සිටින බව ඒ මහතා සදහන් කර සිටියේය.

ඒ අනුව, වලවේ ගඟ අපවිත්‍රවීම වැළැක්වීමේ අරමුණෙන් මෙම ප්‍රදේශය අළලා දම්වැල් දෙකක දුර ප්‍රමාණයේ (මීටර් 40 ක)  රක්ෂිත කලාපයක් ඇති කිරීමට සූදානම් වන බව හෙතෙම සඳහන් කර සිටියි.

නමුත් මේ කලාපය තුළ මේ වන විටද ජනතාව පදිංචි වී සිටියි.

භූමි ප්‍රදේශයක් රක්ෂිතයක් ලෙස නම් කිරීමේ දී පරිසර ආඥා පනත යටතේ එම ප්‍රදේශය ප්‍රේරණ කලාපයක් ලෙස නම් කරනු ලබයි. ඒ අනුව එම ප්‍රදේශය තුළ කැණීම් කිරීම, ඉදිකිරීම් සහ පදිංචි කිරීම් ආදිය කළ නොහැකිය.

ඒ අනුව මේ සඳහා අවශ්‍යවන ක්‍රියාමාර්ග ඉදිරියේදී කඩිනමින් ගැනීමට කටුයතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top