Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
ජනපති ඉවත් වීමත් සමඟ පැය බාගයක පමණ කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම ඇනහිට ඇත ජනපති ඉවත් වීමත් සමඟ පැය බාගයක පමණ කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම ඇනහිට ඇත
Jan 17, 2018

'මේ විදිහට එකට ගමනක්‌ නැහැ' - ජනපති කැබිනට්‌ටුවේදී කියයි Featured

එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරුන්ට දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට ගියේය.

ජනාධිපතිවරයා එසේ නැගිට ගොස් තිබෙන්නේ කැබිනට් පත්‍රිකා පවා සාකච්ඡාවට ගැනීමට පෙරය.

පැය බාගයක පමණ කාලයක් මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඇනහිට තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වූ අවස්‌ථාවේ එහි මුලසුනේ සිටි ජනාධිපතිවරයා එක දිගට පැය භාගයක්‌ පමණ කතා කරමින් තමා පොළොන්නරුවෙන් දේශපාලනය අරඹා විධායක ජනාධිපති ධුරය දක්‌වා පැමිණි ගමන් මග පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කර ඇත.

කැබිනට්‌ රැස්‌වීමේ ආරම්භක කතාව කරමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත.

දූෂණවලට විරුද්ධව වැඩ කිරීම වැරැදිද?

"මගේ මේ කතාව ඔබතුමන්ලාට අවශ්‍ය නොවන්න පුළුවන්. ඒත් මට ඒක අවශ්‍යයි. ඒ නිසා මා එය රෙකෝඩ් කරනවා. මම බැඳුම්කර කොමිසම පත් කරපු එක වැරැදිද? දූෂණවලට විරුද්ධව වැඩ කිරීම වැරැදිද?

මෙයට පෙර පැවැති ආණ්‌ඩුවේදී මම දූෂණ විරෝධී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන විට එහි නායකයන් මගෙන් ඇහුවා ඔබ වෙනමම දේශපාලන ගමනක්‌ යන්න හදනවද, ඔබ කොහොමද ආණ්‌ඩුවේ වැඩවලට විරුද්ධ වෙන්නේ කියලා...''

තමා බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරිපත් කළේ කිසිවකුටත් හිතාමතා පහර ගැසීමට නොවන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ බව කියමින් තමාට දිගට හරහට පහර ගසන බවත් එවැනි පසුබිමක්‌ යටතේ තවදුරටත් එකට ගමනක්‌ යා නොහැකි බවත් ජනාධිපතිවරයා තම කතාවේදී පවසා තිබේ.

'අගමැතිට විධායක ජනාධිපති ධුරයේ බලතල පවා දුන්නා'

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව ජනාධිපති වූ තමන් කිසිවිටෙක ගුණමකුවකු නොවන බවත් අගමැතිවරයාට විධායක ජනාධිපති ධුරයේ බලතල පවා ගෙන ක්‍රියාකිරීමට ඉඩ සැලසූ බවත් එහිදී අගමැති ප්‍රමුඛ ජාතික රජයේ කටයුතුවලට තමන් කිසිවිටෙක අත නොගැසූ බවද කියා තිබේ.

පුරා පැය භාගයකට වැඩි කාලයක් තම කතාව පැවැත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනතුරුව කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට තම නිල කාමරයට ගොස්‌ ඇත.

කැබිනට්‌ රැස්‌වීමෙන් පිටව ගිය ජනාධිපතිවරයා යළි කැඳවාගෙන ඒමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකුම ජනපති නිල කාමරයට ගොස්‌ තිබේ.

එජාප මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාර :

UNPs

හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, චමින්ද විජේසිරි සහ එස්.එම් මරික්කාර් යන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් නමින් සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ ප්‍රකාශයන් විවේචනයට ලක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මහජන රැස්වීම්වලදී පසුගිය දින කීපය තුළ ජනාධිපතිවරයා විවේචනය කරමින් විවිධ ප්‍රකාශ සිදු කළ අතර එම ප්‍රකාශයන්ට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රචාරක රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන "පිට්පොකට් ජනාධිපතිවරයෙකු" ලෙස හඳුන්වා දුන්නේය.

"මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාල ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙලියා වගේ, අපේ ඡන්දෙන් ජනාධිපති වෙලා අපිට කෙලින්නම් කියල බලන් ඉන්නේ" යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන අගමැතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් සිටියදී, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ජනාධිපතිවරයා විවේචනය කිරීමට අයිතියක් ඇති බව ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් වූ මන්ත්‍රීවරයෙක් 'බීබීසි' සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

women drink alcohol 380497

කාන්තාවන්ට මත්පැන් බාධක ඉවත් කිරීම ගැන විරෝධය

තමා විවේචනය කරන ප්‍රකාශ වලට අමතරව සමාජයට බලපාන සහ රජය අපහසු තත්වයට ලක් කෙරෙන ඇතැම් තීරණ තමන්ට නොදන්වා ගැනීම ගැනත් ජනාධිපතිවරයා කැබිනට් හමුවේ දී සිය විරෝධය පළකර ඇත.

ජනාධිපතිවරයා එම අදහස පළකළේ කාන්තාවන්ට මත්පැන් බාධක ඉවත් කරමින් පසුගියදා නිකුත්කළ ගැසට් පත්‍රය ගැන සඳහන් කරමිනි.

එම විවාදාත්මක ගැසට් නිවේදන අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top