nsb

Dec 02, 2016

මෙරට වෙළද ප්‍රවනතාවය දියුණු කිරීමට ඇමෙරිකානු විශේෂඥයින්ගේ සහාය

වෙළද ප්‍රවනතාවය දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ආයතන වලට සහාය දීමේ සහකරුවෙක් වීමට ඇමරිකාව ක්‍රියා කරන්නේ යැයි ඇමරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පැවති සම්මන්ත්‍රණයකදීය.

පසුගිය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 01 දක්වා වෙළද ප්‍රතිපත්ති පිලිබද සම්මන්ත්‍රණ තුනක් පවත්වන ලදී.

මෙම සම්මන්ත්‍රණවලට ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශවල,නියෝජිතායතනවල, පර්යේෂණ ආයතනවල, වෙළද ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලවල සහ වාණිජ මණ්ඩලවල ආයතන ප්‍රධානීන් සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් සහභාගිවූහ.

අපට සමාන රැකියාවල නිරතවන,අපි වගේම අභියෝගයන්ට මුහුණ දෙන, වෙළදාමේ අගය දන්නා සුහදශීලී මුහුණු මෙහි දැකීම ප්‍රශංසනීයයි යනුවෙන් මේ සදහා එක් වූ අන්තර්ජාතික වෙළදාම් පරිපාලනය සදහා වූ ඇමරිකානු වෙළද දෙපාර්තමේන්තුවේ ගනුදෙනු පිලිබද කණ්ඩායම් නායිකා කට්‍රිස් කෙලී පැවසුවාය.

''මහජන සේවකයින් වශයෙන්,ජාතික ප්‍රතිපත්තීන් වර්ධණය කිරීමේදී සියලු පාර්ශවකරුවන්ගේ උපදෙස් ලබා ගැනීමටත් නිරන්තරයෙන් කරුණු පිලිබද ඉගෙන ගැනීමටත් අප කැපවී සිටින්නෙමු'' යනුවෙන් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන සොනාලි විජේරත්න මෙහිදී පවසා සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top