Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 02, 2016

ඉඟ සුග පවත්වා ගත යුතු තරම මෙන්න

මෙරට වයස අවුරුදු 2 ත් 19 ත් අතර වයස්‌ කාණ්‌ඩයේ පසුවන ළමුන් හා යෞවනයන්ගෙන් සියයට 16.3 ක්‌ තරබාරු බවින් පෙළෙන බව කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ විශේෂඥ කායික රෝග වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය.

healthy lunch losing weightවැරදි ආහාර පරිභෝජන රටාව හා ව්‍යායාම මඳකම හේතුවෙන් මෙරට සෑම වයස්‌ මට්‌ටමකම පිරිස්‌ තරබාරු බවට ගොදුරු වීමේ අවදානමක්‌ මතුව තිබේ.

මේ පිළිබද අදහස් දක්වමින් වෛද්‍ය ගුණතිලක මහතා පවසා සිටියේ කාන්තාවන්ගේ ඉණෙහි වට ප්‍රමාණය අඟල් 35 ක්‌ හෝ එයට වැඩින එය තරබාරු බවට පත්වීමේ අවදානම් තත්ත්වයක්‌ බවත් පිරිමින්ගේ නම් ඉණෙහි වට ප්‍රමාණය අඟල් 40 ක්‌ හෝ ඊට වැඩිවීම අවදානම් තත්ත්වයක්‌ බවයි.
                        
තරබාරු බවට ගොදුරු වීම දෙවැනි ඝනයේ දියවැඩියාව, හෘද රෝග,අධි රුධිර පීඩනය, අධි කොලෙස්‌ටරෝල්, පිළිකාව ඇදුම වැනි රෝගවලට මඟ පාදන්නක්‌ බවද හෙතෙම සඳහන් කළේය.
                        
එළවළු, පලතුරු, පලා වර්ග, ධාන්‍ය සපිරි පෝෂ්‍යදායී ආහාර වේලකට හුරුවීම, තෙල් අධික ආහාර ගැනීම සීමා කිරීම, නිසි පරිදි ව්‍යායාම්වල දෛනිකව නිරත වීම, අඛණ්‌ඩව සිදු කෙරෙන කාර්යයන් අතරතුර ඇවිදීම ආදී ව්‍යායාමයක නිරතවීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් තරබාරු බවට ගොදුරු වීමෙන් වැළකී සිටිය හැකි බව ඔහු කීවේය.
                        
ලෝක තරබාරු බව පිළිබඳ දිනය සම්බන්ධව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් වෛද්‍ය ගුණතිලක මහතා මෙම කරුණු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top