Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
මහ ඇමතිවරයාට සහ මෙම ක්‍රියාවට සහය දැක්වූ “පිම්පි “ රාජ්‍ය නිලධාරීන් වහා අත් අඩංගුවට ගත යුතුයි - මහ ඇමතිවරයාට සහ මෙම ක්‍රියාවට සහය දැක්වූ “පිම්පි “ රාජ්‍ය නිලධාරීන් වහා අත් අඩංගුවට ගත යුතුයි -
Jan 21, 2018

'ඌව මහ ඇමතිවරයා කර තිබෙන්නේ අපරාධමය වරදක්'

 

ගුරුවරිය දණගැස්වීමෙන් ඌව මහ ඇමතිවරයා සිදු කර තිබෙන්නේ අපරාධමය වරදක් බවත්, බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියක දණගැස්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන තුරු අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පමණක් අපරාධ වරදකට දඩුවමක් නොවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ අපරාධමය වරදකින් ගැලවී යාමට අධ්‍යාපන ඇමතිකම පමණක් බිල්ලට දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

ඔහු මේබව ප්‍රකාශකර සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා බැංකු සේවක සංගමයේ රුසිරිපාල තෙන්නකෝන් මහතා සහ අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද සහභාගි වූහ.

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා පමණක් නොව එම අපරාධමය වරදට සහය දක්වමින් අදාල විදුහල්පතිනියට තර්ජනය කොට, බලපෑම් මඟින් අතවර කරමින් බොරු ප්‍රකාශ ලබාගත් “පිම්පි“ රාජ්‍ය නිලධාරීන්ද වහාම අත් අඩංගුවට ගත යුතු බව කීර්ති තෙන්නකෝන් මහතා එහිදී අවධාරණය කළේය.

ඌව පළාත් සභාවෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිසක් යොදාගනිමින් එම තර්ජනය කොට ලබාගත් ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත යොමු කර ඇති බවත්, එම පුද්ගලයින් සම්බන්ධයෙන්ද සියලු කරුනු තමන් සතුව පවතින බවත් ඒවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අදාල ජනමාධ්‍ය ආයතන වෙත ලබාදී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත, පොලිස්පති වරයා වෙත මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් පැමිණිලි 3ක් ඉදිරිපත් කර ඇති බවද තෙන්නකෝන් මහත මෙහිදී පෙන්වා දුන්නේය.

SLHR 1

SLHR 2

SLHR 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top