15976 BM WEB BANNER 01
Dec 02, 2016

සාගල ඉල්ලා අස්විය යුතුයි - ජනපති උපදේශක

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුම ලබාදුන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට අනුමානයක් ඇතැයිද අනිවාර්යයෙන්ම ඔහු අදාළ ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි ජනාධිපති උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක මහතා කියයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලක්තිලක මහතා මේ අදහස් දක්වා තිබේ.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ වර්තමානයේ සිටින්නේ යහපාලනය ගෙන ආ පිරිස නොවන බවත්, තීන්දු තීරණගන්නෙත් යහපාලනය ගෙනඒමට දායක වූ අය නෙවන බවත්, දැන් සිටින්නේ හොරු සමඟ ඩීල්දාන හම්බකරන පිරිසක් බවයි.

එම සම්මුඛ සාකච්ඡාව මෙසේය.

ප්‍රශ්නය - ශිරාල් ලක්තිලක මහතා අපිට සතුටක් නෑ යහපාලනය ගැන නීතියේ සමානාත්මතාවය ගැන පොලිස්පති වරයා නීතිය නවනවනම් පොඩිමිනිහට කවර කතාද?SagalaR 670px 02 12 16

පිළිතුර - ඔව් ඊයේ වෙනකොට පොරොන්දු ගැන කනස්සල්ලක් දකින්න ලැබුනේ නීතිය නවන පොලිස්පතිවරයා දුරකථන ඇමතුමක් ලැබුන තවත් දුශිතයෙක්ව නිදහස්කරන්න මෙය ඉතා භායානක තත්ත්වයක් ඒ නිසා යහපාලනය ගේන්න කටයුතු කරපු අය නෙමේ අද තීන්දු තීරණ ගන්නේ. මෙයට ජිවිත පරිත්‍යාගයෙන් ඉදිරියට පැමිණියේ ජනාධිපතිතුමා සහ ඇමතිවරු කිහිපදෙනෙක් හිටියා.සමාජ ක්රියාකාරකයින් ගොඩක් පිරිසක් හිටියා.මේ යන්නේ රාජපක්ෂවරු බලයට ගෙනල්ලා ඒ සියලු දෙනාගේ ජිවිත අනතුරේ දාන්න.කතාව දැන් පැහැදිලියි හොරුන් රකින ඩිල් තියෙන්නේ කා එක්කද කියලා.

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ කතා වෙච්ච විදිහට මේ දිශාන් ගුණසේකර නම් ඔහු රාජපක්ෂවරුන්ගේ නෑයෙක්. නීතිය ඔහුට ක්‍රියාත්මක වන්නේ එසේනම් තෝරු මෝරු ගැන කවර කතාද ?

පිළිතුර - මේ පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇනීමක්. අපිට දැන් පැහැදිලියි කාගේ වුවමනාවට කවුරු වෙනුවෙන් කාවද නිදහස් කරන්න යන්නේ කියලා. අපි ස්තූතිවන්ත වෙනවා පොලිස්පති තුමාට තිරය පිටුපස නාට්‍යය මේ විදිහට ඉදිරිපත් කරාට. රටටම පැහැදිලියි කවුද මේවා කරන්නේ කියලා.

ප්‍රශ්නය - ඔබ හිතන්නේ කවුද පොලිස්පතිවරයාට ඇමතුම දුන්නේ

පිළිතුර - අනුමානය කල හැකියි ඒ නීතිය හා සාමය පිළිබද ඇමතිවරයා. පොලිස්පතිවරයා සර් කියනවා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. නිලමේ ගැනද කියලා අහනවා. මෙහෙම ඉංග්‍රීසියෙන් කතා කරන අතලොස්සක් ඉන්නේ. අපට අනුමාන කරන්න පුළුවන් මේ නීතිය සහ සාමය පිළිබඳ ඇමතිවරයා.

ප්‍රශ්නය - යහපාලනය ගැන ඔබට දැන් සතුටුද ?

පිළිතුර - යහපාලනය ගෙනාපු අය නෙමේ දැන් මෙතන ඉන්නේ. ඒ අය හොරු එක්ක ඩිල් දානවා හම්බකරනවා. ඒ අයට යහපාලනය ගැන හැගීමක් නෑ.

දේශපාලනිකව තීන්දුවක් අරන් මේ අය පාරාද කරන්න..

ප්‍රශ්නය - ඒ කියන්නේ හොරු අල්ලන්නේ නැ කියලා හිත හදාගන්නද කියන්නේ

පිළිතුර - අපි එහෙම කියන්නේ නෑ. අපි ඉන්නේ ඒ දේ කොහොමත් කරන්න.දැන් රටට පැහැදිලියි මේවා සිදු නොවෙන්න ඩිල් දාන්නේ කවුද ඩිල් කාරයෝ කවුද කියල. දැන් අපිට ලේසියි දේශපාලනිකව තීන්දුවක් අරන් මේ අයව පරාජය කරලා දාන්න

ප්‍රශ්නය - ඔබතුමා හිතන විදිහට කවුද ඉල්ලා අස් වෙන්න ඕනේ

පිළිතුර - අපිට අනුමානයක් තියෙනවා මේ නීතිය සහ සාමය පිළිබද ඇමතිවරයා කතා කළේ කියල. ඔහු එසේ කරානම් අනිවාර්යෙන් ඔහු ඉල්ලා අස විය යුතුයි

පොලිස්පතිගේ අනාගතේ ඔහු අතේ

PujthJ 670px 01 12 16ප්‍රශ්නය - පොලිස්පතිවරයා

පිළිතුර - තවම නැහැ. ඔහුට අවස්ථාවක් තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවද නැද්ද තීරණය මත ඔහුගේ අනාගතයත් තීරණය වෙනවා. ඔහුට දැනටම අවස්ථාව තියෙනවා වැරැද්ද නිවැරදි කර ගන්න. ඒ වැරදි කරුවන් අත්අඩංගුවට ගෙන. දුරකථන ඇමතුම දුන් පුද්ගලයට කිසිම සමාවක් නෑ. ඔහු ඉල්ලා අස්විය යුතුයි.

ප්‍රශ්නය - එතකොට ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකද්ද හොරු අල්ලන එක ගැන

පිළිතුර - ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලියිනේ. මීට කලිනුත් විශේෂ ප්‍රකාශයක් කරා නීතිය හරියට ක්‍රියාත්මක නොකරන්න තියෙන බාධා ගැන. දුෂිතයන්ට දඩුවම් දීමට ජනාධිපතිතුමා පැහැදිලි ස්ථාවරයක සිටිනවා. අදාල ආයතන ක්‍රියා කරන ආකාරය ගැන ජනාධිපතිතුමා කල ප්‍රකාශය අද බොහොම පැහැදිලිව ඔප්පු වෙනවා. දුෂිතයන් රකිමින් අදාල ආයතන කටයුතු කරන විදිහ පැහැදිලිව මේ සිදුවීම් වලින් ඔප්පු වෙනවා එදා සමාජය ඉදිරිපිට ජනාධිපතිවරයා දුෂිතයන් රකින උදවිය පිළිබදව හෙළි කල කතාව ඇත්ත බව.

අදාළ සම්මුඛ සකාච්ජාවේ වීඩියෝ පටය පහතින්.

ශිරාල් ලක්තිලක මහතා සමඟ පැත්වූ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top