Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 24, 2018

ජිනීවා කොමිසමට තවත් පැමිණිල්ලක්

යුධ සමයේ අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් උපවාස කොට වසරක් ගතවුවද ඒ සඳහා නිසි විසදුම් නොලැබීම හේතුවෙන් ඊට විරුද්ධව වවුනියාව අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ (23) වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

තමන් 2017 වසරේ ජනවාරි 23 වැනිදා තමන්ගේ ඥාතීන් සොයාදෙන ලෙසට ඉල්ලා නිරාහාරව උපවාසයක් පැවැත්වූ බවත් එම අවස්ථාවේ රාජ්‍ය නියෝජිතයින් පැමිණ සති දෙකක කාලයක් තුළ තමන්ට විසදුම් ලබාදෙන බවට පැවසුවද දැනට වසරක කාලයක් ගතවි ඇතත්, තමන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිසි පිළිතුරක් රජය හරහා ලබානොදුන් බවත් එම විරෝධතාකරුවන් පවසයි.

තවද දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ද මේ සඳහා විසඳුම් ලබාදෙන බව පවසමින් තමන්ගේ ජන්දය ලබාගත්තද, ඥාතීන් සොයා ගැනීම හෝ ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරක් ලබානොදුන් බවද ඔවුන් කියා සිටී.

කෙසේ වෙතත් තම ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දැන ගන්නා තෙක් අඛණ්ඩව උපවාසයේ නිරතවන බව පවසන ඔවුන් මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවධානය පිණිස මෙම ගැටලුව ඉදිරිපත් කිරීමට නියමිත බවද අවධාරණය කර සිටී.

මාධව කුලසූරිය - වවුනියාව

Jiniva 1

Jiniva 2

Jiniva 3

Jiniva 4

Jiniva 5

Jiniva 6

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top