nsb

Dec 03, 2016

සාගල, පූජිත් පච වූ නිලමෙගේ පැටිකිරිය Featured

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදයේදී කියවුණ “නිලමේ” මාතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

ඩිල්ෂාන් මාතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා කෝවිලේ බස්නායක නිලමේ බවට පත්වන්නේ වසර 2010 ජුනි 03 වැනිදා පැවති නිළවරණයෙනි.

එවකට එහි නායක පුජක ලෙස කටයුතු කර ඇත්තේ මහබෙත්මේ ආර්.තේනබදු මහතාය.

ඒ මහතා යහපාලනය ආරම්භවීමෙන් පසුව ඩිල්ෂාන්ගේ ධුර කාලයේදී බෞද්ධ විහාර දේවලගම් ආඥා පනත උල්ලංඝනය කරමින් කටයුතු කළ බව සඳහන් කරමින් 2015 මැයි 26 වැනිදා ජනාධිපති, අගමැති, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා හා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබේ.

පොලිස්පතිවරයාට යොමුකල පැමිණිල්ලට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශණක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයට අදාළව නායක පුජක මහබෙත්මේ ආර්.තේනබදු මහතාගෙන් 2016 මාර්තු 23 වැනිදා සාක්ෂි සටහන් කරගෙන තිබේ.

ඊට අමතරව දේවාලයේ සේවය කරන සේවකයින් විස්සක් පමණ වරින්වර කැඳවා එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

අදාළ පරීක්ෂණයේදී මහ පූජකයා විසින් ඩිල්ශාන්ට එරෙහිව චෝදනා 15ක් එල්ල කරතිබේ.

බෞද්ධ විහාර දේවලගම් ආඥා පනත අනුව වාර්ෂික අනුමාන අයවැයවාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ඉදිරිපත් කර අනුමැතිය ලබා නොගැනීම, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයගේ අනුමැතියකින් තොරව රථවාහන මිලට ගැනීම, දෙවිනුවර ප්‍රාදේශිය සභාව 2011 දී ඇසළ උත්සවයට ලබා දුන් රුපියල් ලක්ෂ හතලිහක මුදල අය වැය ලේඛනවල සටහන් නොකිරිම, අනුමැතියකින් තොරව ආරක්ෂිත වැටට රුපියල් ලක්ෂ හතලිහක් වැයකිරීම, නාථදේවාලයේ පිත්තල පහන් වෙන්දේසියෙන් ලද රුපියල් දහතුන් ලක්ෂ පනස්පන්දහසක මුදලක් අයවැය ලේඛනවල සටහන් කර නොමැතිවීම මහබෙත්මේ ආර්.තේනබදු මහතා කළ චෝදනාවලින් කිහිපයකි.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතියකින් තොරව අංක එස්.පී.පී. කිව්. 7769 දරන බොලරෝ (bolero) වර්ගයේ කැබ් රථයක් මිලදී ගැනීමද මෙසේ එල්ලවූ චෝදනා අතර තිබෙන ප්‍රධාන එකකි.

මේ සම්බන්ධයෙන් ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමෙන් පසුව එය දේවාල භාරකාරට පවරා තිබිණි.

කෙසේවුවද, දේවාලයේ මුදලින් අනුමැතියකින් තොරව පුද්ගලික නමකට ලබාගැනී ගැටලු සහගත තත්ත්වයකි.

ඊට අතර මහාමාර්ග දෙපාර්තුවට අයත් රාජ්‍ය දේපලක් වන මාතර තංගල්ල ප්‍රධාන මාර්ගය දෙපස පදිකවේදිකාව දේවාලය සතු මුදලින් ආරක්ෂිත වැටක් ඉදිකිරීම බෞද්ධ විහාර හා දේවාලගම් ආඥපනතට විරුද්ධව සිදුකළ දෙයක් බවට චෝදනා එල්ලවී තිබේ.

එසේම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතියක් නොමැතිව දේවාලයට අලුතින් සේවකයින් බඳවාලෙන ඇති අතර 2013//2014 අය වැය වැටුප් සඳහා රුපියල් ලක්ෂ 95ක මුදලක්ද වැයකර ඇත.

ලංකා ඛණජ වැලි සංස්ථාවේ තනතුරක් දරමින් සිටි ඩිල්ෂාන් එම සංස්ථාවේ වැටුප් ලබන සේවකයින්ටද දේවාලයෙන් වැටුප් ගෙවා ඇතිබව නායක පුජක මහබෙත්මේ ආර්.තේනබදු මහතා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප ඩිල්ශාන් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔහුගේ දුරකථනය විසන්ධිකර ඇති බැවින් එය අසාර්ථක විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top